මට පෙර සිටි සමූහයා අතරට තම සමූහයා අතරින් තමන්ගේ පිළිවෙත පිළිපදින තම නියෝගය අනුගමනය කරන සගයන් හා ගෝලයින් නොසිටි…

මට පෙර සිටි සමූහයා අතරට තම සමූහයා අතරින් තමන්ගේ පිළිවෙත පිළිපදින තම නියෝගය අනුගමනය කරන සගයන් හා ගෝලයින් නොසිටි අල්ලාහ් විසින් එවූ කිසිදු නබිවරයකු නොවීය. අනතුරුව ඔවුන්ගෙන් පසු බොහෝ කඩකිරීම් සිදුවිය. ඔවුන් සිදු නොකරන දෑ ඔවුහු පවසති. ඔවුනට නියෝග නොකරන ලද දෑ ඔවුහු සිදු කරති.

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මට පෙර සිටි සමූහයා අතරට තම සමූහයා අතරින් තමන්ගේ පිළිවෙත පිළිපදින තම නියෝගය අනුගමනය කරන සගයන් හා ගෝලයින් හෝ නොසිටි අල්ලාහ් විසින් එවූ කිසිදු නබිවරයකු නොවීය. අනතුරුව ඔවුන්ගෙන් පසු බොහෝ කඩකිරීම් සිදුවිය. ඔවුන් සිදු නොකරන දෑ ඔවුහු පවසති. ඔවුනට නියෝග නොකරන ලද දෑ ඔවුහු සිදු කරති. කවරෙකු තම අතින් ඔවුන් වළක්වන්නට පරිශ්රමය යෙදුවේ ද ඔහු දේවත්වය විශ්වාස කරන්නෙකි. එමෙන්ම කවරෙකු තම හදවතින් ඔවුන් වළක්වන්නට පරිශ්රමය යෙදුවේ ද ඔහු ද දේවත්වය විශ්වාස කරන්නෙකි. තවත කවරෙකු තම දිවෙන් (වචනයෙන්) ඔවුන් වළක්වන්නට පරිශ්රමය යෙදුවේද ඔහුද දේවත්වය විශ්වාස කරන්නෙකි. එම විශ්වාසයෙන් පසුව අබ ඇටයක් (තරම්) හෝ නොමැත.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.]

الشرح

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට පෙර සිටි සමූහයා අතරට තම සමූහයා අතරින් තමන්ගේ මාර්ගය හා පිළිවෙත පිළිපදින; තම නියෝගය අනුගමනය කරන අනුගාමිකයින් හා තමන්ගෙන් පසු පරිපාලනය නිවැරදිව ඉටු කරන අවංකයින් හා පාරිශුද්ධවන්තයින් නොසිටි; අල්ලාහ් විසින් එවන ලද කිසිදු නබිවරයකු නොවීය. අනතුරුව ඔවුන්ගෙන් පසුවූවන් විසින් බොහෝ කඩකිරීම් සිදුවිය. ඔවුනට දෙනු නොලැබූ දැයින් පුරවා ගත්තෝය. එනම්: ඇතැම් ප්රශංසනීය ගුණාංග ප්රකාශයට පත් කර සිටියද ඔවුහු එලෙස කටයුතු නොකරති. කවර කරුණක් දහමෙහි තහනම් කරනු ලැබ තිබේ ද එයට විරුද්ධව කටයුතු කරති. ඒ අනුව කවරෙකු තම අතින් ඔවුන් වළක්වන්නට පරිශ්රමය යෙදුවේ ද පිළිකුල් සහගත දෑ ඉවත් කිරීම නතර කළ විට ඒ මත නපුරක් පෙළ නොගැසුනු විටෙක එය වඩාත් බලවත් වන්නේ ය. එය දේව විශ්වාසයේ පූර්ණත්වයයි. එමෙන්ම කවරෙකු තම දිවෙන් යමක් පිළිකුල් කරමින් ඉන් වැළකෙන අයකුට උදව් කිරීමට ඔවුන් සමග පරිශ්රමය යෙදුවේ නම් ඔහු ද දේවත්වය විශ්වාස කරන්නෙකු වේ. එමෙන්ම කවරෙකු එය ඉවත් කිරීමට අල්ලාහ්ගෙන් පතන්නේ ද ඔහු ද දේවත්වය විශ්වාස කරන්නෙකු වේ. පිළිකුල් සහගත දෙයක් හදවතින් පිළිකුල් කිරීමෙන් පසු දේව විශ්වාසී කරුණු අතරින් වෙනත් කිසිවක් නොවනු ඇත.

التصنيفات

දේව විශ්වාසයේ වර්ධනය හා හීන වීම, අරගල කොටස්