නජ්ද් වැසියන් අතරින් හිසකෙස් අවුල් වුණු මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණියේය.…

නජ්ද් වැසියන් අතරින් හිසකෙස් අවුල් වුණු මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණියේය. ඔහුගේ රළු හඬට අපි සවන් දුන්නෙමු. අල්ලාහ්ගේ දූතයාණන් වෙතට ඔහු ළඟා වන තුරුම ඔහු පවසන දේ අපට වැටහුණේ නැත. පසුව ඔහු ඉස්ලාමය ගැන විමසා සිටියේය.

තල්හා ඉබ්නු උබෙයිදුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “නජ්ද් වැසියන් අතරින් හිසකෙස් අවුල් වුණු මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණියේය. ඔහුගේ රළු හඬට අපි සවන් දුනිමු. අල්ලාහ්ගේ දූතයාණන් වෙතට ඔහු ළඟා වන තුරුම ඔහු පවසන දේ අපට වැටහුණේ නැත. පසුව ඔහු ඉස්ලාමය ගැන විමසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: “දහවලේ හා රාත්රියේ පස්වේල සලාතය ඉටු කිරීම” යැයි පැවසූහ. ඔහු: ඒවා හැර වෙනත් දෑ මා වෙත පැවරෙන්නේ ද? යැයි විමසීය. එතුමා: “නැත, නමුත් ඔබ අතිරේකව කරන දෑ හැර.” යැයි පැවසූහ. පසුව එතුමා නැවතත්: “රමළාන් මාසයේ උපවාසය රැකීම” යැයි පැවසූහ. ඔහු: ඒ හැර වෙනත් දෙයක් මා වෙත පැවරෙන්නේ ද? යැයි විමසීය. එතුමා: “නැත නමුත් ඔබ අතිරේකව ඉටු කරන්නේ නම් මිස.” පසුව අල්ලාහ්ගේ දූතයාණෝ ඔහුට සකාතය පිළිබඳ මෙනෙහි කළහ. එවිට ද ඔහු ඒ හැර වෙනත් දෙයක් මා වෙත පැවරෙන්නේද යැයි විමසීය. එතුමා: “නැත, අමතරව ඔබ ඉටු කරන්නේ නම් මිස යැයි පැවසූහ. පසුව එම මිනිසා ‘අල්ලාහ් මත දිවුරා පවසමි. මීට වඩා වැඩි යමක් මම නොකරමි. එමෙන්ම ඉන් කිසිවක් අඩු නොකරමි’ යැයි පවසමින් හැරී ගියේය. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “ඔහු සත්යය පවසා ඇත්නම් ඔහු ජය ලැබීය.” යැයි පැවසූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

නජ්ද් වැසියන් අතරින් මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණියේය. ඔහුගේ හිසකෙස් අවුල් වී තිබිණ. ඔහුගේ කට හඬ ද රළු විය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙතට ඔහු ළඟා වන තුරුම ඔහු පවසන දේ සහාබාවරුන්ට වැටහුණේ නැත. පසුව ඔහු ඉස්ලාමයේ පවතින ආගමික වගකීම් පිළිබඳ විමසා සිටියේය. එවිට නබි තුමාණෝ සලාතයෙන් ආරම්භ කළහ. සැබැවින්ම අල්ලාහ් ඔහු මත දහවලේ හා රාත්රියේ පස් වාර සලාතය අනිවාර්යය කර ඇතැයි ඔහුට දන්වා සිටියහ. පසුව ඔහු පස්වාර සලාත් හැරෙන්නට වෙනත් සලාත් කිසිවක් මට අනිවාර්යය වන්නේද? යැයි විමසීය. එතුමා නැත. පස්වාර සලාතය හැර වෙනත් කිසිවක් ඔබට අනිවාර්යය වන්නේ නැත. යැයි පැවසූහ. ඒ අතරින් ජුමුආ සලාතයද ඇතුළත් වෙයි. ඊට හේතුව සැබැවින්ම එයද දහවල් හා රාත්රී කාලයේ සලාතයක් වන බැවිනි. නමුත් අල්ලාහ් ඔබට අනිවාර්යය කළ දෑට අමතරව යමක් ඔබ ඉටු කරන්නේ නම් හැර. එය යහපතකි. පසුව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තවදුරටත් මෙසේ පැවසූහ. අල්ලාහ් ඔබට අනිවාර්යය කළ දෑ අතරින් රමළාන් මාසයේ උපවාසය රැකීමද එකකි. යැයි පැවසූහ. එවිට එම පුද්ගනයා: රමළාන් මාසයේ උපවාසය රැකීමට වඩා අමතර උපවාසයක් තිබේ දැයි විමසීය. එවිට එතුමා රමළාන් මාසයේ උපවාසය හැර වෙනත් කිසිවක් ඔබට අනිවාර්යය වන්නේ නැත. නමුත් සඳුදා හා බ්රහස්පතින්දා, ෂව්වාල් මාසයේ දින හය, අරෆා, යන උපවාස මෙන් අතිරේක උපවාස ඉටු කරන්නේ නම් හැර. පසුව එතුමා ඔහුට සකාතය පිළිබඳ මෙනෙහි කළහ. එවිට ද ඔහු සකාත් මුදල් නිකුත් කළ පසුව වෙනත් දානමාන කටයුතු මා වෙත අනිවාර්යය වන්නේද යැයි විමසීය. එතුමා: අනිවාර්යය නොවන දැයින් ඔබ සතුව ඇති දෑ අමතරව ලබා දෙන්නේ නම් මිස. එය යහපතකි. ආගමික වගකීම් පිළිබඳ තොරතුරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් සවන් දුන් පසුව එම පුද්ගලයා හැරී ගියේය. ඔහු අල්ලාහ් මත දිවුරා අල්ලාහ් ඔහුට අනිවාර්යය කළ දෑ කිසිදු අඩු කිරීමකින් හෝ වැඩි කිරීමකින් තොරව ඔහු පිළිපදින බව පවසා සිටියේය. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එහි බලපෑම ගැන පවසා සිටියහ. එම පුද්ගලයා දිවුරා පවසා සිටි දෑහි සත්යය පවසා ඇත්නම් සැබැවින්ම ඔහු ජය ලබනු ඇත. ජයග්රහණයට සාධක වන කරුණු පිළිපදින්නෙකු විය. එය අල්ලාහ් ඔහුට අනිවාර්යය කළ දෑ ක්රියාත්මක කිරීමයි.

التصنيفات

ඉස්ලාමය