අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද...

අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද...

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාගේ සුජූද්හි “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී කුල්ලහූ, දික්කහූ වජිල්ලහු වඅව්වලහු වආකිරහු වඅලානියතහු වසිර්රහූ’ යනුවෙන් ප්රකාශ කරන්නෙකු වූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. තේරුම: (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද එහි ප්රසිද්ධියේ හා රහසිගතව වූ ද යන පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!)

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.]

الشرح

සැබැවින්ම අල්ලාහ්ගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එතුමාගේ සුජූද්හි “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී කුල්ලහූ, දික්කහූ වජිල්ලහු වඅව්වලහු වආකිරහු වඅලානියතහු වසිර්රහූ’ යනුවෙන් ප්රකාශ කරන්නෙකු වූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. තේරුම: (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද එහි ප්රසිද්ධියේ හා රහසිගතව වූ ද යන පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!) මෙය ප්රාර්ථනාවේ පවතින සරල භාවය හා එහි පවතින විශාලත්වය යන විෂය මත පදනම් වී ඇත. සැබැවින්ම ප්රාර්ථනාව නැමදුමකි. මිනිසා එය ප්රාර්ථනා කරන සෑම වාරයකම අල්ලාහ්ට නැමදුම් කිරීමේ වාර ගණන අධික වන්නේය. පසුව ඔහු එය නැවත නැවතත් පැවසීමේදී ඔහු රහසිගතව හා ප්රසිද්ධියේ කළ සියලු පාපයන් එමෙන්ම ඔහුට සැඟවුණු දෑද තවද සියුම් එනම් කුඩා පාපයන් හා විශාල එනම් මහා පාපයන් ද යන සියලු දෑ ඉදිරිපත් කරයි. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමස්ත ප්රකාශයෙන් පසුව වෙන් වෙන්ව පැවසීමේ ප්රඥාව මෙය වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සිරිතක් ලෙස කළ ප්රාර්ථනාවන් පිළිපදිමින් පැතීමට ආශා කළ යුතු වේ. සැබැවින්ම ඒවා ප්රාර්ථනාවන්හි සමස්තය මෙන්ම ප්රාර්ථනාවන් අතර වඩාත් ප්රයෝජන ගෙන දෙන්නක් වේ.

التصنيفات

(දික්ර්) තෙපලීම සමබන්ධයෙන් නබි තුමාණන්ගේ මඟපෙන්වීම