إعدادات العرض
“භාරකරුවකු නොමැති ව විවාහයක් නැත.”
“භාරකරුවකු නොමැති ව විවාහයක් නැත.”
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “භාරකරුවකු නොමැති ව විවාහයක් නැත.”
الترجمة
العربية Bosanski English فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو हिन्दी 中文 বাংলা Español Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands ئۇيغۇرچە Hausa دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली or ಕನ್ನಡ Oromoo Română Soomaali Српски Wolof Українська Moore Tagalog Azərbaycan ქართული Magyar Deutsch Македонски bm አማርኛالشرح
කාන්තාවකගේ විවාහය, භාරකරුවකු විසින් සිදු කරනු ලබන විවාහ ගිවිසුමක් හරහා මිස වලංගු නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.فوائد الحديث
විවාහය වලංගු වීමේ දී එක් කොන්දේසියක් වනුයේ භාරකරුවකු සිටීමය. වලී හෙවත් භාරකරුවකු නොමැතිව විවාහය සිදු වූයේ නම්, හෝ කාන්තාව තමන් විසින්ම විවාහය කර ගන්නේ නම් හෝ එම විවාහය වලංගු වන්නේ නැත.
වලී හෙවත් භාරකරු විය යුත්තේ ඔහු කාන්තාවට වඩාත් සමීප වූ තැනැත්තාය. වඩාත් සමීප කෙනෙකු සිටිය දී දුරින් සිටින භාරකරුවකු විසින් ඇයව විවාහ කර දෙනු නොලැබේ.
භාරකරුවා සම්බන්ධයෙන් ගත් කළ: ඔහු වැඩිවියට පත් වූ අයකු විය යුතුයි. පිරිමියෙකු විය යුතුයි. විවාහයේ හොඳ නරක පිළිබඳ දැනුම ඇති මඟපෙන්වන්නෙකු විය යුතුයි. භාරකරු අතර හා භාර කරනු ලබන තැනැත්තා අතර දහම පිළිබඳ එකඟතාවක් තිබිය යුතුයි. ඒ අනුව, කවරෙකු මෙම ගුණාංගවලින් වර්ණනා කරනු නොලැබුවේ ද විවාහ ගිවිසුමේ දී භාරකාරත්වය දරන්නට ඔහු සුදුස්සෙකු විය නොහැක.
التصنيفات
විවාහය