إعدادات العرض
“කෙනෙකු මූත්‍රා කරමින් සිටිය දී දකුණතින් තම ලිංගය නො ඇල්ලිය යුතු ය. වැසිකිළි ගිය පසු තම දකුණතින් නො සේදිය යුතු ය.…
“කෙනෙකු මූත්‍රා කරමින් සිටිය දී දකුණතින් තම ලිංගය නො ඇල්ලිය යුතු ය. වැසිකිළි ගිය පසු තම දකුණතින් නො සේදිය යුතු ය. (පානය කරන) භාජනය තුළ හුස්ම නො හැරිය යුතු ය.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ කතාදා අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කෙනෙකු මූත්‍රා කරමින් සිටිය දී දකුණතින් තම ලිංගය නො ඇල්ලිය යුතු ය. වැසිකිළි ගිය පසු තම දකුණතින් නො සේදිය යුතු ය. (පානය කරන) භාජනය තුළ හුස්ම නො හැරිය යුතු ය.”
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Português Kurdî Kiswahili دری অসমীয়া ไทย Tiếng Việt አማርኛ Svenska Yorùbá Кыргызча ગુજરાતી नेपाली Oromoo മലയാളം Română Nederlands Soomaali پښتو తెలుగు Kinyarwanda ಕನ್ನಡ Malagasy Српски Moore ქართულიالشرح
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඇතැම් විනයන් පිළිබඳ පැහැදිළි කර සිටියහ. ඒ අනුව මිනිසෙකු මූත්‍රා කරමින් සිටින අවස්ථාවේ තම දකුණතින් ලිංගය ඇල්ලීම හා ඉදිරිපස හෝ පසුපස තැවරී ඇති අපිරිසිදු දේ දකුණතින් ඉවත් කිරීම එතුමාණෝ තහනම් කළහ. සැබැවින්ම දකුණත ගරු කටයුතු සඳහා නිර්මාණය කරනු ලැබූවකි. එමෙන්ම පානය කරන භාජනයට හුස්ම හැරීම ද එතුමාණෝ තහනම් කළහ.فوائد الحديث
ආචාර විධි (විනයන්) සහ පිරිසිදුකම සම්බන්ධයෙන් ඉස්ලාමයේ ප්‍රමුඛත්වය පැහැදිලි කිරීම.
අපිරිසිදු දැයින් වැළකී සිටීම, එය ඉවත් කිරීමට සිදු වූ විට, වමතින් එය සිදු කළ යුතු ය.
දකුණතට හිමි මහිමය හා එය වමතට වඩා උතුම් බව පැහැදිලි කිරීම.
ඉස්ලාමීය ආගමික නීතිවල පවතින පූර්ණත්වය හා එහි ඉගැන්වීම්වල පවතින පුළුල්භාවය.