නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තල්බියා ව වූයේ: “ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්,…

නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තල්බියා ව වූයේ: “ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලාෂරීක කල ලබ්බයික්. ඉන්නල් හම්ද වන්නිඃමත ලක වල් මුල්කු ලාෂරීක ලක්.” යන්නයි. තේරුම: යා! අල්ලාහ්, ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. ඔබට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සැබැවින්ම සියලු ප්රශංසා ද භාග්යයන් ද පාලනය ද ඔබ සතුය. ඔබට කිසිදු හවුල්කරුවෙකු නොමැත.

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තල්බියා ව වූයේ: “ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලාෂරීක කල ලබ්බයික්. ඉන්නල් හම්ද වන්නිඃමත ලක වල් මුල්කු ලාෂරීක ලක්.” යන්නයි. තේරුම: යා! අල්ලාහ්, ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. ඔබට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සැබැවින්ම සියලු ප්රශංසා ද භාග්යයන් ද පාලනය ද ඔබ සතුය. ඔබට කිසිදු හවුල්කරුවෙකු නොමැත. අබ්දුල්ලාහ් ඉබ්නු උමර් ඊට අමතර ව “ලබ්බයික් ලබ්බයික් වසඃදයික් වල් කයිරු බියදයික් වර් රුග්බාඋ ඉලයික වල් අමලු” යැයි පැවසීය. තේරුම: යා! අල්ලාහ්, ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. යහපත පතා පැමිණියෙමි. සියලු යහපත ඔබ සතුය. ඔබ අසලට පැමිණියෙමි. ඔබ වෙත කැමැත්තෙන් පැමිණියෙමි. සියලු ක්රියාවන් ඔබ වෙතය.

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් හජ්හි හා උම්රාවෙහි දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා “ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලාෂරීක කල ලබ්බයික්.” යනාකාරයෙන් තල්බියා පැවසූ බව පැහැදිලි කරයි. එය අල්ලාහ් තම නිවස වෙත තම ගැත්තන් ඇරයුම් කිරීමේ දී ඔහුට පිළිතුරු දීමේ නිවේදනයයි. එමෙන්ම පිළිතුරු දීමෙන් පසු ඔහුට අවංකත්වය පුද කරමින් ඔහු වෙත ඉදිරිපත් වෙමින් ඔහුගේ ප්රශංසාව හා ආශිර්වාදය පිළිගනිමින්, ඒ සියල්ල ඔහුට පමණක් වෙන් කරමින් සියලු මැවීම්වල ආධිපත්යය ඔහු සතු කරමින් කරන ප්රතිචාරයයි. ඒ සියල්ලෙහි ඔහුට කිසිදු හවුල් කරුවකු නැත. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙම තල්බියාවට අමතරව එයට එකතු කරමින් “ලබ්බයික් ලබ්බයික් වසඃදයික් වල් කයිරු බියදයික් වර් රුග්බාඋ ඉලයික වල් අමලු” යැයි පැවසීය. එනම් සියලු කටයුතුවල අවසානය චේතනාවෙන් හා කුසලෙන් අල්ලාහ් වෙත යොමු වන්නේය.

التصنيفات

ඉහ්රාම්හි නීති