“ඔබේ දරුවන්ට, ඔවුන් හත් වන වියේ පසුවන දරුවන් වන විට සලාතය ඉටු කරන මෙන් නියෝග කරන්න. ඔවුන් දසවන වියේ පසුවන දරුවන් වන…

“ඔබේ දරුවන්ට, ඔවුන් හත් වන වියේ පසුවන දරුවන් වන විට සලාතය ඉටු කරන මෙන් නියෝග කරන්න. ඔවුන් දසවන වියේ පසුවන දරුවන් වන විට ඒ සඳහා ඔවුනට දඬුවම් කරන්න. නිදියහන්වලින් ඔවුන් වෙන් කරන්න.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අම්ර් ඉබ්නු ෂුඅයිබ් තුමා විසින්, තම පියා විසින් ද පියා සීයා විසින් ද ලබා මෙසේ වාර්තා කරන ලදී. “ඔබේ දරුවන්ට, ඔවුන් හත් වන වියේ පසුවන දරුවන් වන විට සලාතය ඉටු කරන මෙන් නියෝග කරන්න. ඔවුන් දසවන වියේ පසුවන දරුවන් වන විට ඒ සඳහා ඔවුනට දඬුවම් කරන්න. නිදියහන්වලින් ඔවුන් වෙන් කරන්න.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.]

الشرح

පියෙකු තම පිරිමි හෝ ගැහැණු දරුවන්ට ඔවුන්ගේ සත්වන වියේ දී සලාතය ඉටු කිරීමට නියෝග කරන මෙන් ද, එය ඉටු කිරීමට අවශ්‍ය දෑ ඔවුනට උගන්වන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වස්ලම්) තුමාණෝ පැහැදිළි කළහ. ඔවුන් දස වන වියට පත් වන විට, නියෝගයෙහි දැඩි ස්ථාවරයක් ඇති කර ගත යුතුය. එහි දී යම් අඩුපාඩුවක් කළ විට යම් තරවටු කිරීමක් කළ යුතුය. තව ද නිදියහනේ ඔවුන් අතර වෙන් කිරීම් සිදු කළ යුතුය.

فوائد الحديث

කුඩා දරුවන් වැඩිවියට පත්වීමට පෙර ආගමික කරුණු ඉගැන්වීම. ඒ අතරින් වඩාත්ම වැදගත් වන්නේ සලාතය පිළිබඳ දැනුමයි.

තරවටු කිරීම විනය හැදීම සඳහා මිස වේදනා කිරීම සඳහා නොවිය යුතුය. තත්ත්වයට ගැලපෙන අයුරින් එම තරවටු කිරීම පිහිටිය යුතුය.

ගෞරවය රැකීමට හා දූෂණය වෙත යොමු කරන සෑම මාර්ගයක්ම අවහිර කිරීමට ෂරීආව අවධානය යොමු කරයි.

التصنيفات

සලාතයේ අනිවාර්භාවය හා එය මගහරින්නාගේ නීතිය, සලාතයේ අනිවාර්භාවය හා එය මගහරින්නාගේ නීතිය