إعدادات العرض
“හිරු උදාවීමට පෙර හා හිරු අවරට යෑමට පෙර සලාත් ඉටු කරන කිසිවකු නිරයට පිවිසෙන්නේම නැත
“හිරු උදාවීමට පෙර හා හිරු අවරට යෑමට පෙර සලාත් ඉටු කරන කිසිවකු නිරයට පිවිසෙන්නේම නැත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ සුහෙයිර් උමාරා ඉබ්නු රුඅයිබා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “හිරු උදාවීමට පෙර හා හිරු අවරට යෑමට පෙර සලාත් ඉටු කරන කිසිවකු නිරයට පිවිසෙන්නේම නැත."
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Português Nederlands অসমীয়া Tiếng Việt Kiswahili ગુજરાતી پښتو Hausa Română മലയാളം Deutsch नेपाली ქართული Moore Magyar తెలుగు Кыргызча Svenska ಕನ್ನಡ Українськаالشرح
"ෆජ්ර් සලාතය හා අසර් සලාතය ඉටු කරන, එහි නිරන්තරයෙන්ම නියැළෙන කිසිවකු හෝ වේවා, ඔහු අපා ගින්නට පිවිසෙන්නේම නැතැ"යි අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දන්වා සිටියහ. මෙම සලාත් දෙක විශේෂයෙන්ම පවසා ඇත්තේ, සැබැවින්ම ඒ දෙක සලාත් අතරින් වඩාත් දුෂ්කර අවස්ථා දෙකක වන බැවිනි. සැබැවින්ම සුබ්හු සලාතයේ වේලාව නින්දට වැටී ඇති එහි සුවය විඳින වේලාවය. අසර් සලාතයේ වේලාව දහවල් කාලයේ ව්‍යාපාර කටයුතු සිදු කරමින් සේවාවන්හි නිරතවෙමින් කාර්යබහුලව සිටින අවස්ථාවය. එම දුෂ්කරතා සමගම කවරෙකු මෙම සලාත් දෙක පිළිපදින්නේ ද සෙසු සලාතයන් ඉටු කිරීමට (ඔහුට) හැකි වනු ඇත.فوائد الحديث
සුබ්හු හා අසර් සලාත් දෙකේ මහිමය. ඒ දෙක ප්‍රවේසමෙන් අඛණ්ඩව ඉටු කළ යුතු වේ.
කවරෙකු මෙම සලාත් ඉටු කළේ ද ඔහු නැමදුමට ප්‍රිය කරන බැවින් ඔහුගේ සිත මැලිකමින් හා මුහුණිච්ඡාවෙන් බොහෝ විට මිදෙනු ඇත.
التصنيفات
සලාතයේ මහිමය