إعدادات العرض
මිනිසුනට ණය දෙන පුද්ගලයෙකු විය. ඔහු තම ගෝලයාට: "ඔබ වෙත දුෂ්කර කෙනෙක් පැමිණි විට, ඔහුගෙන් එය නොසලකා හරින්න. අල්ලාහ්…
මිනිසුනට ණය දෙන පුද්ගලයෙකු විය. ඔහු තම ගෝලයාට: "ඔබ වෙත දුෂ්කර කෙනෙක් පැමිණි විට, ඔහුගෙන් එය නොසලකා හරින්න. අල්ලාහ් අපව
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මිනිසුනට ණය දෙන පුද්ගලයෙකු විය. ඔහු තම ගෝලයාට: "ඔබ වෙත දුෂ්කර කෙනෙක් පැමිණි විට, ඔහුගෙන් එය නොසලකා හරින්න. අල්ලාහ් අපව (අපගේ පාපකම්) නොසලකා හරිනු ඇත" යැයි පවසා සිටියේය. එලෙස ඔහු අල්ලාහ්ම මුණ ගැසෙයි. අල්ලාහ් ඔහුව නොසලකා හැර පාපක්ෂමාව පිරිනමයි."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands தமிழ் دری Български Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda тоҷикӣ O‘zbek Akan नेपाली Moore Azərbaycan Wolof Oromoo Українська ភាសាខ្មែរ bm rn ქართული Македонски Српски Ελληνικά አማርኛ Malagasyالشرح
මිනිසුනට ණය දෙමින් හෝ ඔවුන් සමග ණයට ව්‍යාපාර කරමින් ගනුදෙනු කරන මිනිසෙකු පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දැනුම් දුන්හ. ඔහු මිනිසුන් අතර පවතින ණය ලබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන සේවකයාට මෙසේ පවසා සිටියි. ණයකාරයකු ඔබ වෙත පැමිණි විට, ඔහුගේ නොහැකියාව නිසාවෙන් ඔහු මත වූ ණය පියවීමට ඔහු සතුව යමක් නැතිනම් "ඔහුගෙන් එය නොසලකා හරින්න" එය එක්කෝ කල්දීමෙන් හා ණය ඉල්ලා හදිස්සි නොකිරීමෙන් හෝ වේ. එක්කො ඔහු සතුව ඇති දෑ හිඟ වුව ද එය භාර ගැනීමෙන් හෝ විය යුතුය. එය අල්ලාහ් ද නොසලකා හැර තමන්ට සමාව දීමේ ආශාව හා කැමැත්ත පෙරදැරි කර ගෙනය. ඔහු මිය ගිය කල්හි අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. ඔහුගේ පාපකම් නොසලකා හරිනු ඇත.فوائد الحديث
මිනිසුන් සමඟ දැහැමි ලෙස කටයුතු කිරීම, ඔවුනට සමාව දීම, ඔවුන් අතර සිටින දුෂ්කරතා ඇත්තන්ගෙන් නොසලකා හැරීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සාර්ථකත්වයට අතිමහත් හේතුවන්ය.
ජනයා සමග යහපත් අයුරින් කටයුතු කිරීම, අල්ලාහ් වෙනුවෙන් අවංක ව කටයුතු කිරීම හා ඔහුගේ කරුණාව අපේක්ෂා කිරීම යනාදිය පාපයන් සමාව ලැබීමේ හේතු සාධක අතරින් වන්නෝය.
التصنيفات
ප්රශංසනීය සාරධර්ම