ගැත්තෙකු තවත් ගැත්තකුගේ අඩුපාඩු මෙලොවෙහි සඟවන්නේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුගේ අඩුපාඩු…

ගැත්තෙකු තවත් ගැත්තකුගේ අඩුපාඩු මෙලොවෙහි සඟවන්නේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුගේ අඩුපාඩු සඟවනු ඇත.

අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "ගැත්තෙකු තවත් ගැත්තකුගේ අඩුපාඩු මෙලොවෙහි සඟවන්නේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුගේ අඩුපාඩු සඟවනු මිස නැත."

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

الشرح

මුස්ලිම්වරයා තම සහෝදරයාගේ යම් වරදක් දුටු විට ජනයා අතර එය ව්යාප්ත නොකර එය සැගවීම ඔහු කෙරෙහි අනිවාර්ය වනු ඇත. සැබැවින් එය අශීලාචාර දැයක් පතුරුවා හැරීමකි. කවරෙකු අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා එසේ සිදු කරන්නේද එවිට නියත වශයෙන්ම මළවුන් කෙරෙනු නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහුට ප්රමාණවත් වන්නේය. එනම්, ඔහුගේ අඩුපාඩු සගවා එය මූලික සාක්ෂි වෙත අනාවරණය නොකරයි.

التصنيفات

නාම හා ගුණාංග ඒකීයකරණය, ප්රශංසනීය සාරධර්ම