إعدادات العرض
අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා එහි මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත
අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා එහි මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. මක්කා ජයග්‍රහණය ලැබූ දින අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනතාව අමතා දේශනා කළහ. එවිට එතුමාණෝ: අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා එහි මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත. දැන් මිනිසුන් දෙවර්ගයකි. අල්ලාට ගෞරවනීය භක්තිමත් ධර්මිෂ්ඨයෙකි. අල්ලාහ්ට නින්දා සහගත අභාග්‍යමත් දුෂ්ඨයකි. මිනිසුන් සියල්ලෝම ආදම්ගේ දරුවෝ වෙති. අල්ලාහ් ආදම්ව පසින් මැව්වේය. අල්ලාහ් මෙසේ පවසයි: "අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; මහා අභිඥානවන්තය. " (අල්-හුජුරාත්: 13)
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe हिन्दी Tiếng Việt Hausa తెలుగు Kiswahili پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली മലയാളം Bosanski ಕನ್ನಡ Kurdî Română Shqip Soomaali Српски Українська Wolof Moore Tagalog தமிழ் Azərbaycan فارسی ქართული 中文 Magyar Português Deutsch Македонски Русский bm አማርኛ Malagasy Oromoo ភាសាខ្មែរالشرح
මක්කා ජයග්‍රහණය ලැබූ දින නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනතාව අමතා දේශනා කළහ. එවිට එතුමාණෝ: අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා පුරසාරම් මෙන්ම මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත; ඉවත් කර ඇත. සැබැවින්ම මිනිසුන් දෙවර්ගයකි: සර්ව බලධාරී අල්ලාහ්ට ගැති, කීකරු, ධර්මිෂ්ඨ මුඃමින්වරයෙකු, ඔහු උසස් පරම්පරාව මිනිසුන් අතර නිලයක් හෝ නොමැති වුවද අල්ලාහ්ට ගෞරවනීය තැනැත්තෙකි. දුෂ්ඨ, අභාග්‍යවන්ත, දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙක්, ඔහු අල්ලාහ් ඉදිරියේ නින්දා සහගත පහත් තැනැත්තෙකි. ඔහු උසස් තරාතිරමක සිටිය ද, කීර්තිය හා අධිකාරිත්වය තිබුණ ද ඒවා කිසිවක් වටින්නේ නැත. මිනිසුන් සියල්ලෝම ආදම්ගේ දරුවෝ වෙති. අල්ලාහ් ආදම්ව පසින් මැව්වේය. තම මූලාරම්භය පසින් නිමවූ තැනැත්තා අහංකාරකම් පෑම හෝ තමන් ගැන ඉහවහා යෑම හෝ සුදුසු වන්නේ නැත. සර් වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශය එය සහතික කරයි. එනම්: "අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර් ගිකයින් හා ගෝත්‍රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර් ව ඥානීය; මහා අභිඥානවන්තය. " (අල්-හුජුරාත්: 13)فوائد الحديث
පෙළපත ගැන හෝ නිලය ගැන හෝ පුරසාරම් දෙඩීමේ තහනම.