මෙලොව යහපත පිණිස වත්කම් නොගන්න” යනුවෙනි

මෙලොව යහපත පිණිස වත්කම් නොගන්න” යනුවෙනි

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මෙලොව යහපත පිණිස වත්කම් නොගන්න” යනුවෙනි.."

[حسن لغيره] [رواه الترمذي وأحمد]

الشرح

ඉඩකඩම්, වතු යාය, කෙත්වතු (සීමාවකින් තොරව) අයිති කර ගැනීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. මක්නිසාදයත් එය මෙලොව වෙත කෑදර වීමට හේතුසාධකයක් මෙන්ම මතුලොවෙහි මතකයෙන් දුරස් කර එම ආශාවන් තුළ වැටෙන්නට සළස්වන බැවිනි.

فوائد الحديث

මතුලොව මතකයෙන් වෙනතකට යොමු කරන දෑ මෙලොවෙහි අධිකව පැතීමේ තහනම.

ජීවත් වීමට අවශ්‍ය ජීවන සම්පත් සෙවීම තහනම් බව මෙම හදීසයේ සඳහන් වන්නේ නැත. සැබැවින්ම එම තහනම නියම වනුයේ මතුලොව අමතක කරමින් මෙලොවෙහි ගිලී සිටීම සම්බන්ධයෙනි.

අස්-සින්දී තුමා මෙසේ පවසයි: මින් අදහස් වන්නේ : දේපළ අත්පත් කර ගැනීමෙහි ගිලී, අල්ලාහ්ව සිහිපත් කිරීමෙන් වෙනතකට යොමු නො වන්න.

التصنيفات

මහිමයන් සහ ආචාරධර්ම, ලෞකික ප්රෙමයේ පහත්භාවය