إعدادات العرض
“කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-…
“කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: “කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ."
[පූර්ව සාධක සහිත හදීසයකි] [رواه النسائي في الكبرى وابن ماجه بمعناه وأحمد]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt ئۇيغۇرچە Hausa Kurdî Português Kiswahili অসমীয়া ગુજરાતી Nederlands മലയാളം Română Magyar ქართული Русский Moore ไทย Македонски తెలుగు मराठी ਪੰਜਾਬੀ دری አማርኛ Malagasy Українська ភាសាខ្មែរ ಕನ್ನಡ Svenska پښتو Wolof नेपालीالشرح
කාන්තාවන්ට ආවේනික වූ ඇඳුම් පැළඳුම්වල දී කාන්තාවට සමාන ලෙස ඇඳුම් පැළඳුම් අඳින සෑම පිරිමියෙකුම අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලැබීමට හා නෙරපා හරිනු ලැබීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා කළහ. එය හැඩයෙන් හෝ වේවා වර්ණයෙන් හෝ වේවා ක්‍රමයෙන් හෝ වේවා ඇඳුම් විලාශයෙන් හා අලංකාරයෙන් හෝ වේවා ඒ හැර වෙනත් දෙයකින් හෝ වේවා එක සමානය. එසේ නැතහොත් පිරිමින්ට ආවේනික ඇඳුම් පැළඳුම් වල දී කාන්තාව ඔහුට සමානව ඇඳ පැළඳ ගැනීම ද එලෙසමය. එය මහා පාපකම් අතරින් වූ පාපයකි.فوائد الحديث
ෂව්කානී තුමා මෙසේ පවසයි. "කාන්තාවන් පිරිමින්ට සමානකම් පෑම හෝ පිරිමින් කාන්තාවන්ට සමානකම් පෑම තහනම් කරන ලදී. ඊට හේතුව ශාපය තහනම් කරුණක් මත මිස වෙනත් දෑ මත නො පිහිටන බැවිනි."
ඉබ්නු උසයිමීන් තුමා මෙසේ පවසයි. "කාන්තාවන් හා පිරිමින් යන දෙපාර්ශවයම පොදුවේ අදින ඇතැම් ටී-ෂර්ට් වර්ග වැනි දෑහි වරදක් නැත. එනම් පිරිමි පාර්ශවය හා කාන්තා පාර්ශවය එය පැළඳීමෙහි වරදක් නැත යන්නයි." ඊට හේතුව එය දෙපාර්ශවයටම පොදු වූ ඇඳුමක් වන බැවිනි.
