“නුඹලා මිනීවළවල් මත වාඩි නොවනු. ඒ දෙසට හැරී සලාත් ඉටු නොකරනු

“නුඹලා මිනීවළවල් මත වාඩි නොවනු. ඒ දෙසට හැරී සලාත් ඉටු නොකරනු

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව මර්සද් අල් ගනවිය්යි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලා මිනීවළවල් මත වාඩි නොවනු. ඒ දෙසට හැරී සලාත් ඉටු නොකරනු."

[صحيح] [رواه مسلم]

الشرح

මිනීවළවල් මත වාඩිවීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. එමෙන්ම සලාත් ඉටු කරන්නා කිබ්ලා දිශාවට අනුගත වන අයුරින් පිහිටා ඇති මිනිවල්වල් ඉදිරියේ සලාත් ඉටු කිරීම ද වැළැක්වූහ. මක්නිසාද යත් එය බහුදේව මාර්ගය වන බැවිනි.

فوائد الحديث

සුන්නාවේ සඳහන්ව ඇති පරිදි ජනාසා සලාතය හැර, මිනීවළවල් මත හෝ ඒවා අතර හෝ ඒ දෙසට හෝ වෙනත් සලාත් ඉටු කිරීමේ තහනම.

බහුදේවවාදයේ කඩතුරාව අවහිර කිරීම සඳහා සොහොන් දෙසට සලාත් ඉටු කිරීමේ තහනම.

සොහොන් සම්බන්ධයෙන් අතිශයෝක්තියට නැංවීම සහ ඒවාට අගෞරව කිරීම ඉස්ලාමය තහනම් කර ඇත. එබැවින් අධිත සැලකිලි හෝ නොසැලකිල්ලක් නොතිබිය යුතුය.

"මිය ගිය දේහයේ අස්ථි කඩා දැමීම, ජීවත්ව සිටිය දී ඔහුගේ අස්ථි කඩා දැමුවා හා සමානය" යන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය අනුව මුස්ලිම්වරයකු මිය ගිය පසුව ද ඔහුගේ ගෞරවය එසේම පවතිනු ඇත.

التصنيفات

දේවත්වයේ ඒකීයකරණය, සලාතයේ කොන්දේසි