إعدادات العرض
1- නුඹලා මිනීවළවල් ඉදිරියේ සලාත් ඉටු නොකරනු. ඒ මත වාඩිවී නොසිටිනු.
2- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඉෂා සලාතය ඝණාන්ධකාරයේ (ප්රමාද කොට) ඉටු කළහ. එවිට උමර් තුමා පිටතට පැමිණ ‘අහෝ! අල්ලාහ්ගේ දූතයාණනි, සලාතය! කාන්තාවන් හා දරුවන් නින්දට ගොස් ඇත.’ යැයි පැවසීය. පසුව තම හිසෙන් ජල බිංදු වැටෙන තත්ත්වයේ එතුමා පිටතට පැමිණ මෙසේ පැවසීය. “මාගේ සමූහයාට අසීරු කාර්යයක් නොවී නම් මෙම සලාතය මෙම වේලාවේ ඉටු කරන්නට මම ඔවුනට නියෝග කරමි.”