නුඹලා පට රෙදි හෝ සේද රෙදි හෝ නොඅදිනු. රන් හා රිදී භාජනවල පානය නොකරනු. එම වර්ග දෙකින් යුත් බන්දේසිවල ආහාර නොගනු.…

නුඹලා පට රෙදි හෝ සේද රෙදි හෝ නොඅදිනු. රන් හා රිදී භාජනවල පානය නොකරනු. එම වර්ග දෙකින් යුත් බන්දේසිවල ආහාර නොගනු. සැබැවින්ම ඒවා ඔවුනට මෙලොවෙහි හිමි දෑය. නුඹලාට මතුලොවෙහි හිමිය.

හුදෙයිෆා ඉබ්නු අල් යමානි (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. “නුඹලා පට රෙදි හෝ සේද රෙදි හෝ නොඅදිනු. රන් හා රිදී භාජනවල පානය නොකරනු. එම වර්ග දෙකින් යුත් බන්දේසිවල ආහාර නොගනු. සැබැවින්ම ඒවා ඔවුනට මෙලොවෙහි හිමි දෑය. නුඹලාට මතුලොවෙහි හිමිය.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

පිරිමින් පට රෙදි හා සේද රෙදි ඇඳීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. ඊට හේතුව ඒ දෙක ඇඳීමෙන් පිරිමියාට ද්රවශීලතාවයක්, කාන්තා ගතියක් හා සිනිදු සැපවත් කාන්තාවන්ට සමානකමක් ඇති වන බැවිණි. පිරිමියකුගෙන් අපේක්ෂා කරනු ලබනුයේ රළු ශක්තිමත් හා කඩවසම් භාවයයි. එමෙන්ම රන් රිදී බන්දේසිවල හෝ භාජනවල හෝ ආහාර පාන ගැනීම පොදුවේ පිරිමි හා කාන්තාවන් යන සෑම පාර්ශවයකටම එතුමා තහනම් කළේය. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා පැවසූ පරිදි එහි යථාර්ථය වනුයේ: සැබැවින්ම මෙලොවෙහි දී ඒ දෙකෙහි අනුභව කිරීම දේව ප්රතික්ෂේපකයින් සතු මෙලොව ජීවිතයේ සැපවත්භාවය ඔවුනට කල් ඇතිව පිරිනමනු ලබන්නකි. ඒවා ඔවුහු භුක්ති විඳිති. නමුත් අවංක මුස්ලිම්වරුනි! අල්ලාහ්ට බියෙන් හා ඔහු අබියස ඇති දෑ අපේක්ෂා කරමින් නුඹලා ඒවායින් වැළකී සිටි විට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාට ඒවා සතු වන්නේය. එය ඔවුනට සමානකම් පෑමෙන් වැළකීමක් හා අල්ලාහ්ගේ නියෝගය පිළිපැදීමක් වශයෙන් තහනම් කර ඇත. එසේ කවර පිරිමියෙකු මෙලොවෙහි සේද රෙදි අදින්නේ ද සැබැවින්ම එහි භුක්තිය කල් ඇතිව ලබා ඇත. එබැවින් ඔහු මතුලොවෙහි කිසිවිටෙක එය අඳින්නේ නැත. කවරෙකු නියමිත කාලයට පෙර තහනම් මාර්ගයෙන් කිසිවක් ඉක්මන් කොට ලබන්නේ ද එම තහනම් කරන ලද දැයින් ඔහු දඬුවම් ලබනු ඇත. අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩිය.

التصنيفات

ඇඳුම් පැළඳීමේ ආචාරධර්ම