إعدادات العرض
1- නුඹලා පට රෙදි හෝ සේද රෙදි හෝ නොඅදිනු. රන් හා රිදී භාජනවල පානය නොකරනු. එම වර්ග දෙකින් යුත් බන්දේසිවල ආහාර නොගනු. සැබැවින්ම ඒවා ඔවුනට මෙලොවෙහි හිමි දෑය. නුඹලාට මතුලොවෙහි හිමිය.
2- නුඹලා සේද රෙදි නොඅඳිනු. සැබැවින්ම කවරෙකු මෙලොවෙහි එය ඇන්දේ ද මතුලොවෙහි ඔහු එය කිසිවිටෙක අඳින්නේ නැත.
3- නුඹලා අදින විට ද වුළූ ධෝවනය කරන විට ද නුඹලාගේ දකුණු පැත්තෙන් ආරම්භ කරන්න.
4- මුස්ලිම්වරයාගේ වේට්ටිය කෙණ්ඩයේ අඩක් දක්වා විය යුතුය. ඒ අතර හා වළලු කර අතර පවතින දෑහි වරදක් නැත. නමුත් වළලු කරට වඩා පහළින් ඇති දෑ වනාහි, එය අපා ගින්නෙහිය. කවරෙකු තම වේට්ටිය අහංකාරයෙන් යුතුව බිම ගාවමින් ගමන් කළේද අල්ලාහ් ඔහු දෙස කරුණා බැල්මෙන් නොබලන්නේමය.
5- නුඹලා අතරින් කිසිවකු හෝ පාවහන් පළඳින විට ඔහු එය දකුණු පැත්තෙන් ආරම්භ කළ යුතුය. ගළවන විට වම් පැත්තෙන් ආරම්භ කළ යුතුය. පාවහන් පළිදිනු ලබන ඒ දෙකෙහි ආරම්භයත් ගළවනු ලබන අවසානයත් දකුණු පැත්ත විය යුතුය.
6- ඔබ අතරින් කිසිවකු හෝ එක් පාවහනක් මත ගමන් නොකළ යුතුයි. එමෙන්ම පාද දෙකටම එය පැළඳ ගත යුතුයි. එසේ නැතහොත් පාද දෙකින්ම එය ගැලවිය යුතුයි.
7- තම වස්ත්රය උඩගු කමින් බිම ගාවා ඇඳගෙන යන්නා දෙස අල්ලාහ් කරුණා බැල්මෙන් නොබලනු ඇත.
8- පිරිමියා පිරිමියාගේ රහසඟ දෙස නොබැලිය යුතුය. කාන්තාව කාන්තාවගේ රහසඟ දෙස නොබැලිය යුතුය. පිරිමියා පිරිමියා වෙත එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය. එමෙන්ම කාන්තාව කාන්තාව වෙත එකම ඇඳුමෙහි දැවටී නොසිටිය යුතුය.
9- නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මිනිසෙකු සිටගනිමින් පාවහන් පැළඳීම තහනම් කළහ.