إعدادات العرض
පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ රාත්‍රියේ අවසාන භාගයේදීය
පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ රාත්‍රියේ අවසාන භාගයේදීය
අබූ උමාමා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දී ඇති බව පවසමින් අම්ර් ඉබ්නු අබසා (රළියල්ලාහු අන්හු) තුමා මට මෙසේ පවසා සිටියේය. "පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ රාත්‍රියේ අවසාන භාගයේදීය. එම හෝරා කාලයේ අල්ලාහ්ව මෙනෙහි කරන්නන් අතරින් ඔබ ද කෙනෙකු වීමට ඔබ හැකියාව දරන්නේ නම්, එසේ වනු."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Bahasa Indonesia Tagalog Türkçe اردو 中文 हिन्दी Français Tiếng Việt Hausa Kurdî Kiswahili Português தமிழ் Русский অসমীয়া ગુજરાતી Nederlands پښتو नेपाली മലയാളം Svenska Кыргызча Română ಕನ್ನಡ Српски తెలుగు ქართული Moore Kinyarwanda Magyar Македонски Čeština Українська Oromoo Lietuvių አማርኛ Wolof Azərbaycan Malagasyالشرح
"පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ රාත්‍රියේ අවසාන භාගයේදීය. එම හෝරා කාලයේ අල්ලාහ්ව මෙනෙහි කරන්නන් අතරින් ඔබ ද කෙනෙකු වීමට ඔබ හැකියාව දරන්නේ නම්, එසේ වනු." යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම්) තුමාණන් දැන්වුහ.فوائد الحديث
රාත්‍රියේ අවසන් භාගයේ අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා මුස්ලිම්වරයා දිරි ගැන්වීම.
අල්ලාහ්ව මෙනෙහි කිරීමට ප්‍රාර්ථනා කිරීමට හා සලාත් ඉටු කිරීමට මහිමයෙන් එකිනෙකට වෙනස් වුණු කාල වේලාවන් ඇත.
මිරක් තුමා මෙසේ පවසයි: "පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ" යන ප්‍රකාශය හා "ගැත්තා, තම පරමාධිපතිට බෙහෙවින් සමීප වනුයේ සුජූද් කරමින් සිටිය දීය" යන ප්‍රකාශය අතර වෙනස නම්, පළමුවැන්නෙහි අදහස පරමාධිපතියාණන් ගැත්තාට වඩාත් සමීපයෙන් සිටින වේලාව පැහැදිලි කිරීමය. එය මධ්‍යම රාත්‍රිය වේ. දෙවැන්නෙහි අදහස ගැත්තා තම පරමාධිපතිට බෙහෙවින් සමීපයෙන් සිටින තත්ත්වය පැහැදිලි කිරීමය. එනම් එය සුජූද් කරන අවස්ථාවයි.