إعدادات العرض
සැබැවින්ම අන්තවාදියෝ විනාශ වූවෝය
සැබැවින්ම අන්තවාදියෝ විනාශ වූවෝය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "සැබැවින්ම අන්තවාදියෝ විනාශ වූවෝය." මෙය තුන්වරක්ම පවසා සිටියහ.
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Türkçe اردو 中文 हिन्दी Tagalog ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Русский Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ไทย دری Akan Български Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda тоҷикӣ O‘zbek नेपाली Moore Azərbaycan Wolof Oromoo Soomaali Українська bm km rn ქართული Македонски Српски Lingalaالشرح
තම ආගම හා තම ලෞකික කටයුතුවල දී ද, තම ප්‍රකාශවල හා ක්‍රියාවල දී ද -කිසිදු මඟපෙන්වීමකින් හා දැනුමකින් තොරව- අන්තවාදී ලෙස කටයුතු කරන්නන්ගේ විනාශය හා අලාභය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි දන්වා සිටියි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගෙන ආ ආගමික සීමාවන් ඉක්මවා යන්නෝ මොවුහුය.فوائد الحديث
අන්තවාදය සහ සියලු කාරණාවලදී බලපෑම් කිරීම, තහනම් කිරීම, සෑම කටයුත්තකදීම එය වළක්වා ගැනීම සඳහා දිරි ගැන්වීම. විශේෂයෙන්ම නැමදුම් සහ ධාර්මිකයින් මහිමයට පත් කිරීමේ දී ප්‍රවේසම් විය යුතුය.
නැමදුම්වල දී හා ඒ හැර වෙනත් කටයුතුවල දී පූර්ණත්වය පැතීම ප්‍රශංසනීය කරුණකි. එය ෂරීආ නීතිය අනුගමනය කිරීමෙන් විය යුතුය.
වැදගත් කරුණු සහතික කිරීම සතුටුදායකය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙම ප්‍රකාශය තුන්වරක්ම පවසා ඇත.
ඉස්ලාමයේ උතුම්භාවය සහ එහි පහසුව.
التصنيفات
දේවත්වයේ ඒකීයකරණය