إعدادات العرض
සැබැවින්ම අල්ලාහ්, ශ්‍රද්ධාවන්ත ස්වාධීන නිහතමානී ගැත්තාට ප්‍රිය කරයි
සැබැවින්ම අල්ලාහ්, ශ්‍රද්ධාවන්ත ස්වාධීන නිහතමානී ගැත්තාට ප්‍රිය කරයි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "සැබැවින්ම අල්ලාහ්, ශ්‍රද්ධාවන්ත ස්වාධීන නිහතමානී ගැත්තාට ප්‍රිය කරයි."
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Kurdî Hausa Português മലയാളം తెలుగు မြန်မာ ไทย Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە Kiswahili தமிழ் دری Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Wolof Soomaali Moore Українська Български Azərbaycan ქართული тоҷикӣ bm Oromooالشرح
සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් ඔහුගේ ඇතැම් ගැත්තන් කෙරෙහි ප්‍රිය කරන බව, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඔවුන් අතරින් තක්වා හෙවත් බියබැතිකම ඇති පුද්ගලයා ද කෙනෙකි. එනම් ඔහු අල්ලාහ්ගේ නියෝග පිළිපදින, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නා වේ. ස්වාධීන තැනැත්තාට ද ඔහු ප්‍රිය කරයි. සර්වබලධාරී අල්ලාහ් හේතුවෙන් මිනිසුන්ගේ අවශ්‍යතාවන්ගෙන් ස්වාධීන වූ තැනැත්තා, ඔහු හැර වෙනත් කිසිවකු දෙසට යොමු නොවෙයි. නිහතමානී තැනැත්තාට ද ඔහු ප්‍රිය කරයි. අවංක, තම පරමාධිපතිතට නැමදුම් කරන, තමන්ට ප්‍රයෝජනවත් වන දෑහි නිරත වන, තමන්ව හඳුන්වා දීම ගැන හෝ තමන් ගැන සෙසු අය අගය කරමින් කතා කිරීම ගැන හෝ නොතකන නිහතමානී තැනැත්තාය.فوائد الحديث
තම ගැත්තන් හට අල්ලාහ්ගේ ආදරය ලැබීමට අවශ්‍යය වන ඇතැම් ගුණාංග පැහැදිලි කිරීම. එනම් ශ්‍රද්ධාව, නිහතමානීකම හා අල්ලාහ් බෙදා දුන් දෑ ගැන තෘප්තිමත් වීම.
التصنيفات
ප්රශංසනීය සාරධර්ම