إعدادات العرض
ඔබ අතරින් යමෙකු වෙත ෂෙයිතාන් පැමිණ: "මෙසේ මැව්වේ කවු ද? එසේ මැව්වේ කවු ද? අවසානයේ ඔබේ පරමාධිපති ව මැව්වේ කවු ද? යැයි…
ඔබ අතරින් යමෙකු වෙත ෂෙයිතාන් පැමිණ: "මෙසේ මැව්වේ කවු ද? එසේ මැව්වේ කවු ද? අවසානයේ ඔබේ පරමාධිපති ව මැව්වේ කවු ද? යැයි විමසා සිටියි. එය ඔහුට ළඟා වූ විටෙක, ඔහු අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඉන් වැළකී සිටිය යුතුය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ඔබ අතරින් යමෙකු වෙත ෂෙයිතාන් පැමිණ: "මෙසේ මැව්වේ කවු ද? එසේ මැව්වේ කවු ද? අවසානයේ ඔබේ පරමාධිපති ව මැව්වේ කවු ද? යැයි විමසා සිටියි. එය ඔහුට ළඟා වූ විටෙක, ඔහු අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඉන් වැළකී සිටිය යුතුය.
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Kurdî Wolof Soomaali Français Tagalog Azərbaycan Українська bm தமிழ் Deutsch ქართული Português Македонски Magyar فارسی Русский 中文 ភាសាខ្មែរ አማርኛ Malagasy Oromooالشرح
මුඃමින්වරයකු තුළ ෂෙයිතාන් කොඳුරන ප්‍රශ්නවලට ඵලදායී ප්‍රතිකාරය ගැන අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විසින් මෙහි දන්වා ඇත. ෂෙයිතාන්: මෙසේ මැව්වේ කවු ද? එසේ මැව්වේ කවු ද? අහස මැව්වේ කවු ද? පොළොව මැව්වේ කවු ද? යැයි පවසා සිටියි. එවිට මුඃමින්වරයා ඔහුට ආගමෙන්, සහජ බුද්ධියෙන් සහ තර්කනයෙන් "අල්ලාහ්" යැයි පිළිතුරු දෙයි: නමුත් ෂෙයිතාන් මෙසේ කෙඳිරීමෙන් නතර වන්නේ නැත. 'ඔබේ පරමාධිපති ව මැව්වේ කවු දැ?'යි ඔහු පවසා සිටින තෙක් ක්‍රියා කරමින් සිටියි. එවිට මුඃමින්වරයා එම කෙඳිරීම කරුණු තුනකින් වළක්වා ගත යුතුය. අල්ලාහ් පිළිබඳ විශ්වාසය තැබීමෙන් ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීමෙන් කෙඳිරීමත් සමග එය දිගටම රැගෙන යාම නතර කිරීමෙන්.فوائد الحديث
ෂෙයිතාන්ගේ කෙඳිරීමෙන් හා අදෝනාවන්ගෙන් ඈත් වී ඒවා ගැන නොසිතා ඒවා දුරු කිරීමට සර්වබලධාරී අල්ලාහ් වෙත යොමු වීම.
ෂරීආ හෙවත් ආගමික නීතියට පටහැනිව මිනිසාගේ හදවත තුළ හට ගන්නා සියලුම සිතුවිලි හා කෙඳිරීම් ෂෙයිතාන්ගෙන් ය.
අල්ලාහ්ගේ ස්වරූපය ගැන සිතා බැලීමෙන් වැළකී ඔහුගේ මැවීම් සහ ඔහුගේ සංඥාවන් පිළිබඳ සිතන්නට උනන්දු කිරීම.