إعدادات العرض
එසේ නම් රමළාන් මස පැමිණි විට ඔබ උම්රා කරන්න. සැබැවින්ම එහි උම්රාවක් ඉටු කිරීම හජ් වන්දනයකට සමාන වන්නේය." යැයි…
එසේ නම් රමළාන් මස පැමිණි විට ඔබ උම්රා කරන්න. සැබැවින්ම එහි උම්රාවක් ඉටු කිරීම හජ් වන්දනයකට සමාන වන්නේය." යැයි පැවසූහ
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ අන්සාරි කාන්තාවකට මෙසේ පැවසූහ. ඇගේ නම ඉබ්නු අබ්බාස් තුමා සඳහන් කළ නමුත් ඇගේ නම මට අමතක වී ඇත. "අප සමග හජ් කිරීමෙන් ඔබ ව වැළැක්වූයේ කුමක් ද?" ඇය, "අපට ඔටුවන් දෙදෙනකු හැර වෙනත් කිසිවක් නොවීය. ඇගේ දරුවාගේ පියා හා ඇගේ දරුවා එක් ඔටුවකු මත හජ් වන්දනාව ඉටු කිරීම සඳහා ගොස් ඇති අතර එක් ඔටුවකු ජලය සැපයීම සඳහා අප වෙනුවෙන් අත්හැර දමා ගොස් ඇත" යැයි පැවසුවාය. එතුමාණෝ: "එසේ නම් රමළාන් මස පැමිණි විට ඔබ උම්රා කරන්න. සැබැවින්ම එහි උම්රාවක් ඉටු කිරීම හජ් වන්දනයකට සමාන වන්නේය." යැයි පැවසූහ.
الترجمة
ar bn bs en es fa fr id tl tr ur zh hi vi ug ha ku ml sw pt prs sv as yo ky gu ne ro nl so ps te rw kn sr wo mos lt ka uk cs hu mk az ru mgالشرح
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ 'හජ්ජතුල් වදා' නම් සමුගැනීමේ හජ් වන්දනාවෙන් පසු නැවත හැරී ආ කල්හි, හජ් ඉටු නොකළ අන්සාරි කාන්තාවකට "අප සමග හජ් කිරීමට ඔබව වැළැක්වූයේ කුමක් ද?" යැයි විමසූහ. ඇය නිදහසට කරුණු ලෙස, තමන්ට ඔටුවන් දෙදෙනෙකු පමණක් ඇති බවත් තම ස්වාමිපුරුෂයා හා තම පුතණුවන් උන් දෙදෙනාගෙන් එකකු හජ් කිරීම සඳහා රැගෙන ගිය බවත්, අනෙක ලිදෙන් වතුර ගැනීම සඳහා අත්හැර ගිය බවත් පවසා සිටියාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ රමළාන් මාසයේ උම්රා ඉටු කිරීමෙන් හිමිවන කුසල් හජ් හි කුසලට සමාන බව ඇයට දන්වා සිටියහ.فوائد الحديث
රමළාන් මාසයේ උම්රා ඉටු කිරීමේ මහිමය.
රමළාන් මාසයේ උම්රා ඉටු කිරීම හජ් ඉටු කිරීමෙන් ලැබෙන කුසලට සමාන වන්නේය. නමුත් හජ්හි වගකීම ඉන් ඉවත් වන්නේ නැත.
සත් ක්‍රියාවන්හි කුසල් ඇතැම් ගෞරවනීය වේලාවන්හි වැඩි වනු ඇත. රමළාන් මාසයේ සිදු කරන ක්‍රියාවන් ද ඒ අතරින් වේ.
التصنيفات
හජ් හා උම්රාවෙහි මහිමය