ජිහාද් නම් අරගල අතරින් වඩාත් ශ්රේෂ්ට වනුයේ අපරාධකාරී පාලකයකු අබියස යුක්ති ගරුක ප්රකාශයයි.

ජිහාද් නම් අරගල අතරින් වඩාත් ශ්රේෂ්ට වනුයේ අපරාධකාරී පාලකයකු අබියස යුක්ති ගරුක ප්රකාශයයි.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ජිහාද් නම් අරගල අතරින් වඩාත් ශ්රේෂ්ට වනුයේ අපරාධකාරී පාලකයකු අබියස කරන යුක්ති ගරුක ප්රකාශයයි.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.]

الشرح

සැබැවින්ම පුද්ගලයකු කරන අරගල අතරින් ඉතා බලවත්ම අරගලය වනුයේ අපරාධකාරී පාලකයකු පිළිබඳ සත්යය ප්රකාශ කිරීම බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැහැදිලි කර සිටියේය. ඊට හේතුව ඇතැම් විට ඒ හේතුවෙන් ඔහුගෙන් පළි ගනු ලබන්නට හෝ ඔහුට හිංසා කරන්නට හෝ ඝාතනය කරන්නට හෝ පුළුවන. ජිහාද් හෙවත් අරගලය යනු දේවත්වය ප්රතික්ෂේප කරන ධාමරිකයන් සමග සටන් කිරීම වැනි අතින් හෝ අපරාධය පිළිකුල් කිරීම වැනි දිවෙන් හෝ ආත්මය පාලනය කිරීම වැනි සිතින් හෝ විය හැක.

التصنيفات

යහපත අණ කර අයහපත වළක්වාලීමේ මහිමය