මා නුඹලාට අතහැර දැමූ දෑ ගැන (විමසීමෙන්) නුඹලා මා අත්හැර දමනු. නුඹලාට පෙර විසූවන් විනාශ කර දැමූවේ ඔවුන්ගේ අධික…

මා නුඹලාට අතහැර දැමූ දෑ ගැන (විමසීමෙන්) නුඹලා මා අත්හැර දමනු. නුඹලාට පෙර විසූවන් විනාශ කර දැමූවේ ඔවුන්ගේ අධික ප්රශ්න කිරීම් හා නබිවරුන් පිළිබඳ ඔවුන් ඇති කරගත් ඔවුන්ගේ මතභේද වෙති. යමකින් මා නුඹලාව වැළැක්වූ විටෙක නුඹලා එයින් වැළකෙනු. යම් නියෝගයක් මා නුඹලා නියෝග කළ විටෙක නුඹලාට හැකි පමණින් එය ගෙන එනු.

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මා නුඹලාට අතහැර දැමූ දෑ ගැන (විමසීමෙන්) නුඹලා මා අත්හැර දමනු. නුඹලාට පෙර විසූවන් විනාශ කර දැමූවේ ඔවුන්ගේ අධික ප්රශ්න කිරීම් හා නබිවරුන් පිළිබඳ ඔවුන් ඇති කරගත් ඔවුන්ගේ මතභේද වෙති. යමකින් මා නුඹලාව වැළැක්වූ විටෙක නුඹලා එයින් වැළකෙනු. යම් නියෝගයක් මා නුඹලා නියෝග කළ විටෙක නුඹලාට හැකි පමණින් එය ගෙන එනු.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

සහාබාවරු තමන්ගේ ප්රශ්න කිරීම් හේතුවෙන් තහනම් නොවන දෑ තහනම් වන හෝ තමන්ගේ ප්රශ්න කිරීම හේතුවෙන් අනිවාර්යය නොවන දෑ අනිවාර්යය වන කරුණු පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසා සිටියෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහු ඔවුනට යමක් නියෝග නොකරන කල්තාක් එමෙන්ම ඔවුන්ව යමකින් නොවළක්වන කල්තාක් තමන් අදහැර දැමූ එවන් දෑ ගැන ප්රශ්න කිරීම අතහැර දමන මෙන් නියෝග කළහ. පසුව එයට හේතුවද පැහැදිලි කළහ. සැබැවින්ම අපට පෙර සිටියවුන් නබිවරුන්ගෙන් අධික ලෙස ප්රශ්ණ කළෝය. ඔවුන් තමන් විසින්ම අවධාරණය කරන ලද පරිදි ඔවුන් ආතතියට පත් විය. පසුව නබිවරුන්ට විරුද්ධ වූවෝය. පසුව කවර කරුණකින් එතුමා අප වළක්වා ඇත්තේද එයින් වැළකෙන මෙන්ද කවර ක්රියාවක් අපට අණ කර ඇත්තේ ද සැබැවින්ම එය අපට හැකි පමණින් ගෙන එන මෙන් ද අපට නියෝග කළහ. අප හැකියාව නොදරන දෑ අපෙන් අහක දැමීය.

التصنيفات

පෙර සිටි වක්තෘවරු හා දහම් දූතවරු (ඔවුනට අල්ලාහ්ගේ ශාන්තිය අත් වේවා), වචනවල අරුත නිරූපණය හා උපුටා ගැනීමේ ක්රම