මිනිසාගෙන් වූ සෑම පුරුකකටම හිරු උදාවන සෑම දිනකම ඒ සඳහා දිය යුතු දානයක් ඇත: දෙදෙනෙකු අතර සමතය ඇති කිරීම දානයකි.…

මිනිසාගෙන් වූ සෑම පුරුකකටම හිරු උදාවන සෑම දිනකම ඒ සඳහා දිය යුතු දානයක් ඇත: දෙදෙනෙකු අතර සමතය ඇති කිරීම දානයකි. මිනිසකු තම වාහනයේ නංවා ප්රවාහනය කිරීම හෝ ඒ මත ඔහුගේ බඩුබාහිරාදිය පටවා ගෙන යෑම ද දානයකි. ප්රිය වචනය ද දානයකි.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “මිනිසාගෙන් වූ සෑම පුරුකකටම හිරු උදාවන සෑම දිනකම ඒ සඳහා දිය යුතු දානයක් ඇත: දෙදෙනෙකු අතර සමතය ඇති කිරීම දානයකි. මිනිසකු තම වාහනයේ නංවා ප්රවාහනය කිරීම හෝ ඒ මත ඔහුගේ බඩුබාහිරාදිය පටවා ගෙන යෑම ද දානයකි. ප්රිය වචනය ද දානයකි. සලාතය වෙත ගමන් කරන සෑම පියවරකින්ම දානයක් ඇත. මාර්ගයේ ඇති හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

හිරු උදාවන සෑම දිනකම ශරීරයේ සෑම පුරුකකටම -පුරුක් තුන්සීය හැටටම- එදින පිරිනැමිය යුතු දානයක් ඇත. පසුව සදකාව බවට පත්වන උදාහරණ කිහිපයක්ම එතුමා මෙනෙහි කළහ. එය ක්රියාවෙන්, ප්රකාශයෙන් මෙන්ම සිදු කරන්නාට යහපත ගෙන දීමෙන් හා වෙනත් අයට සෙත සැලසීමෙන් සිදු වන්නකි. මෙම හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සඳහන් කර ඇත්තේ ඇතැම් උදාහරණ පමණි. ඒවා මත සීමා වන්නේ නැත. දෙදෙනෙකු අතර සාධාරණ ලෙස කටයුතු කිරීම එය තීන්දු දීමේදී හෝ ගැටලු ඇති කරගත් දෙදෙනා අතර සමාදානයට පත් කිරීමෙන් හෝ විය හැක. එය වෙනත් කෙනෙකුට ප්රකාශයෙන් කරන දානයකි. මිනිසකු තම වාහනයේ නංවා ප්රවාහනය කිරීම හෝ ඒ මත ඔහුගේ බඩුබාහිරාදිය පටවා ගෙන යෑම වනාහි එය තවත් කෙනෙකුට ක්රියාවෙන් කරන දානයකි. ප්රිය වචනය වනාහි ඒ තුළට දික්ර් හෙවත් දෙවියන් සිහිපත් කිරීම, ප්රාර්ථනා කිරීම, ඉගැන්වීම, යහපත විධානය කොට අයහපතින් වැළැක්වීම හා ඒ හැර වෙනත් ප්රකාශ සියල්ල ඇතුළත් වෙති. එය තමන්ට මෙන්ම අන් අයට සෙත සලසන ප්රකාශයෙන් කරන දානයකි. මුස්ලිම්වරයෙක් සලාතය වෙත ගමන් කරන සෑම පියවරකින්ම ඔහුට දානයක් ඇත. එය තමන්ට සෙත සළසන ක්රියාවෙන් සිදු වන දානයකි. මාර්ගයේ ඇති කටු, ගල් හා කණ්ණාඩි කැබලි වැනි හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි. එය තවත් කෙනෙකුට ක්රියාවෙන් සෙත සළසන දානයකි.

التصنيفات

ඉස්ලාම්හි මහිමය හා එහි පවතින අලංකාරයන්