إعدادات العرض
ඔබ අතරින් ශ්‍රේෂ්ඨ වනුයේ අල් කුර්ආනය හදාරා එය උගන්වන්නාය
ඔබ අතරින් ශ්‍රේෂ්ඨ වනුයේ අල් කුර්ආනය හදාරා එය උගන්වන්නාය
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් ශ්‍රේෂ්ඨ වනුයේ අල් කුර්ආනය හදාරා එය උගන්වන්නාය."
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ ไทย Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands தமிழ் دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Wolof Soomaali Moore Українська Български Azərbaycan ქართული тоҷикӣ bmالشرح
මුස්ලිම්වරුන් අතර අල්ලාහ් අබියස නිලයෙන් වඩාත් උසස් හා උතුම් අය වනුයේ අල් කුර්ආනය කියවීමෙන්, කටපාඩම් කිරිමෙන්, ඒ ගැන අවබෝධය ලැබීමෙන් හා එහි අර්ථකතනය පරිශීලනය කිරීමෙන් එය හදාරා, ඒ අනුව කටයුතු කරමින් ඔහු සතුව ඇති අල් කුර්ආනීය දැනුම අන් අයට උගන්වන්නා බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.فوائد الحديث
අල් කුර්ආනයේ මහිමය විස්තර කිරීම, සැබැවින් එය අල්ලාහ්ගේ ප්‍රකාශය වන බැවින් ප්‍රකාශ අතරින් එය උතුම්ම ප්‍රකාශය වේ.
දැනුම හදාරන ශ්‍රේෂ්ඨ අය වනුයේ තමන් තුළ පමණක් එය සීමා නොකර අන් අයට ද එය උගන්වන්නාය.
අල් කුර්ආනය ඉගෙන, අන් අයට ඉගැන්වීම යන්නෙහි එය කියවීම, තේරුම් ගැනීම හා නීති හැදෑරීම ඇතුළත් වේ.