إعدادات العرض
1- ඔහු අපා ගින්නෙහිය. එබැවින් ඔවුහු ඔහු බලන්නට ගියෝය. එවිට ඔහු වංචනික ලෙස සොරකම් කළ කළු ඉරි සහිත සළුවක් දුටුවෝය.
2- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යම් සේනාවකට හෝ හමුදා ගවේශණයකට හෝ නායකයකු පත් කළ විට ඔහුට සහ ඔහු සමග යන මුස්ලිම්වරුනට යහපත් අයුරින් අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මෙන් උපදෙස් දෙන්නෙකු වූහ.
3- කවරෙකු දුනු ශිල්පය දැන, පසු ව එය අතහැර දමන්නේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය. එසේ නැතහොත් සැබැවින්ම ඔහු පිටුපෑවේය.
4- අහෝ අන්සාර්වරුනි! නුඹලා ව නොමග ගිය තත්ත්වයේ මා නුඹලා ව දැක, පසු ව අල්ලාහ් මා විසින් නුඹලාට මග පෙන්වූයේ නැති ද? තවද නුඹලා බෙදුම්වාදීන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලා ව එක්සේසත් කළේය. තවද නුඹලා දිළින්දන් ලෙස සිටියෙහුය. පසු ව අල්ලාහ් මා විසින් නුඹලාව ධනවත් කළේය.
5- යුද්ධය යනු උපායකි.
6- යුද සේනාවක් හෝ පිරිසක් සටන් වැද (සතුරා විසින් දමා ගිය) යුද සම්පත් රැගෙන සුරක්ෂිතව පැමිණෙන්නේ ද ඔවුන්ගේ ප්‍රතිඵලවලින් තුනෙන් දෙකක් පෙරාතුවම ලබනු මිස නැත. එමෙන්ම යුද සේනාවක් හෝ පිරිසක් කිසිවක් නොලබා අනතුරකට පත් වන්නේ නම් ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට පූර්ණව පිරිනමනු ලබනු මිස නැත.
7- දිවිපිදූවන්ගේ බිරියන්ගේ ගෞරවය රැඳීසිටින්නන් හට ඔවුන්ගේ මව්වරුන්ගේ ගෞරවය මෙනි.
8- අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කිසිදු ජනතාවක් (නිසි මඟට) ආරාධනා කරන තුරු ඔවුන් සමඟ සටන් නොකළහ
9- ඒක්වරක් නබි තුමා වෙත මිනිසෙකු පැමිණ දිග නාසයක් තිබෙන්නාවු නාස් කඹයක් සහිත වු ගැහැණු ඔටුෙ වක් අල්ලාහ්ගේ මාර්ගයේ මා පරිත්‍යාග කරන්නෙමි යැයි පැවසූහ.ඒවිට නබි තුමා ඔහු දෙස බලා පරලොවේ දී දිග නාසයක් සහිත වු ඔටුවන්( 700) ඔබට පිරිනමනු ලැබේ.යැයි පැවසූහ.