ගැත්තන් උදෑසන අවදි වන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් “අහෝ…

ගැත්තන් උදෑසන අවදි වන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් “අහෝ දෙවියනි වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව!” යැයි පවසන අතරම අනෙක් කෙනා “අහෝ දෙවියනි රැස් කර තබා ගන්නාට විනාශය ඇති කරනු මැනව.” යැයි පවසයි.

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ගැත්තන් උදෑසන අවදි වන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් “අහෝ දෙවියනි වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව!” යැයි පවසන අතරම අනෙක් කෙනා “අහෝ දෙවියනි රැස් කර තබා ගන්නාට විනාශය ඇති කරනු මැනව.” යැයි පවසයි.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

මිනිසා වෙත මලක් වරුන් දෙදෙනෙකු පහළ නොවී ගෙවන දිනයක් නැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්: අහෝ දෙවියනි අවනතවීමේ කටයුතුවලට, පවුලට, ආගන්තුකයන්ට වැනි යහපත් කටයුතු සඳහා තම ධනය වියදම් කරන්නාහට ඒවා වෙනුවට මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ද යහපත පිරිනමනු මැනව! යැයි පවසයි. අනෙක් අය: කවර විෂයයක ධනය වියදම් කිරීමට අල්ලාහ් අනිවාර්යය කර ඇත්තේ ද එවන් දෑ සඳහා වියදම් නොකර; රැස්කර තබා ගෙන සිටින ලෝභයා හා ඔහුගේ ධනය විනාශ කරනු මැනව! යැයි පවසයි.

التصنيفات

අනිවාර්ය නොවන පුණ්යාධාරය