إعدادات العرض
ගැත්තා රෝගාතුර වූ විටෙක හෝ ගමනක නිරත වූ විටෙක, ඔහු නිරෝගීව හා පදිංචිව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියාවන්ට සමාන…
ගැත්තා රෝගාතුර වූ විටෙක හෝ ගමනක නිරත වූ විටෙක, ඔහු නිරෝගීව හා පදිංචිව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියාවන්ට සමාන දෙයක් ඔහුට නියම කරනු ලැබේ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ගැත්තා රෝගාතුර වූ විටෙක හෝ ගමනක නිරත වූ විටෙක, ඔහු නිරෝගීව හා පදිංචිව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියාවන්ට සමාන දෙයක් ඔහුට නියම කරනු ලැබේ."
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी Tagalog Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands ئۇيغۇرچە Hausa دری Akan Български Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda тоҷикӣ O‘zbek नेपाली Moore Azərbaycan Wolof Oromoo Soomaali Українська bm ភាសាខ្មែរ rn ქართული Македонски Српски yao Ελληνικά አማርኛ Malagasyالشرح
අල්ලාහ්ගේ මහිමය හා ඔහුගේ කරුණාව පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. සැබැවින්ම මුස්ලිම්වරයකුගේ පුරුද්දක් ලෙස තමන් නිරෝගීව හා පදිංචිව සිටිය දී කරමින් ආ දැහැමි ක්‍රියාවන් වී නම්, පසුව ඔහු යම් හේතුවත් මත රෝගී තත්ත්වයට පත්ව එය ඉටු කිරීමට නොහැකි වූ විටෙක හෝ එය ඉටු කිරීමට නොහැකිව ගමනක නිරත වූ විටෙක, එය කවර හෝ බාධකයක් වුව ද ඔහු නිරෝගී තත්ත්වයේ හා පදිංචි ව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියාවන්ට සමාන පූර්ණ ප්‍රතිඵල ඔහුට ලියනු ලැබේ.فوائد الحديث
අල්ලාහ් තම ගැත්තන් හට පිරිනමා ඇති භාග්‍යයේ විශාලත්වය.
අල්ලාහ්ට නැමදුම් කටයුතුවල දී කැප වන මෙන් හා නිරෝගීව හා විවේකීව සිටින අවස්ථාවන්හි කාල වේලාවන් ප්‍රයෝජනයට ගන්නා මෙන් දිරි ගන්වා ඇත.