إعدادات العرض
“සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට කරුණාව නියම කර ඇත
“සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට කරුණාව නියම කර ඇත
ෂද්දාද් ඉබ්නු අවුස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන් කරුණු දෙකක් ධාරණය කර ගත්තෙමි. “සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට කරුණාව නියම කර ඇත. එබැවින් නුඹලා මරණ විට හොඳින් ඉටු කරන්න. නුඹ සත්ව ගෙල සිඳින විට ගෙල සිඳීම විධිමත්ව ඉටු කරන්න. තවද නුඹලා අතරින් කෙනෙකු ඔහුගේ ආයුධය හොදින් මුවහත් කරත්වා, ඔහු ගෙල සිඳිනු ලබන සත්වයා විවේක ගෙනීමට ඉඩ දෙත්වා.”
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Türkçe اردو 中文 हिन्दी Tagalog ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Русский Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip دری Svenska አማርኛ Čeština Fulfulde ગુજરાતી Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Nederlands or Română Kinyarwanda Српски тоҷикӣ ไทย O‘zbek Yorùbá Moore नेपाली Oromoo Wolof Soomaali Български Українська Azərbaycan bm ქართული Македонскиالشرح
සියලු කරුණු වල අල්ලාහ් අප වෙත කුණාව නියම කර ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. යහපත යනු: තම නැමදුම් කටයුතුවලදී ද, යහපත සිදු කරන අවස්ථාවේදී ද, මැවීම්වලට අත්වන හානිය වළක්වන අවස්ථාවේදී ද, නිරන්තරයෙන්ම අල්ලාහ් අධීක්ෂණය කරන බව හැඟීමය. අපරාධයක සම ප්රතිචාර දක්වන අවස්ථාවේ මරණ දඬුවම ක්රියාත්මක කිරීමේ දී යහපත පිළිපැදීම යනු: ඝාතනයට ලක්වූවන් සඳහා සම ප්රතිචාර දැක්වීමේ දී පහසුම, සැහැල්ලු සහ වේගවත්ම මාර්ගය තෝරා ගැනීමය. ආහාරය සඳහා සත්වයකු කපා හරින අවස්ථාවේ යහපත පිළිපැදීම යනු: මුවහත් ආයුධයකින් සතාව සැහැල්ලුවෙන් කැපීම, කපන ලද සතා බලා සිටිය දී ඌ ඉදිරියේ ආයුධය මුවුහත් නොකිරීම, ඌ බලා සිටිය දී ඌ ඉදිරියේ තවත් සතෙකු කපා නොහැරීම වැනි දෑ පිළිපැදීමය.فوائد الحديث
මැවීම් කෙරෙහි වූ සර්වබලධාරී අල්ලාහ්ගේ කරුණාව හා මෛත්රිය.
මරණ දඬුවම හා ආහාරය සඳහා සතුන් කපා හැරීම විධිමත් විය යුත්තේ ආගමානුගත කරන ලද ක්රමයට අනුගත වීමෙනි.
ෂරීආ පිළිවෙතහි පවතින පූර්ණත්වය හා සියල්ල ආවරණ කර තිබීම. ඒ අතරින් සතුන්ට කරුණාව හා මෛත්රිය දැක්වීම ද ඇතුළත් වේ.
මිනිසෙකුට මරණ දඬුවම දීමෙන් පසු ඔහුගේ සිරුරු විකෘති කිරීමේ තහනම.
සතුන්ට වේදනා දෙන සෑම ක්රමයක්ම තහනම් කිරීම.