إعدادات العرض
සැබැවින්ම අප අතරින් කෙනෙක් ඒ ගැන කතා කිරීමට බරපතල සේ සලකන කරුණු අපගේ සිත් තුළ අපි දකින්නෙමු' යැයි පැවසුවෝය.…
සැබැවින්ම අප අතරින් කෙනෙක් ඒ ගැන කතා කිරීමට බරපතල සේ සලකන කරුණු අපගේ සිත් තුළ අපි දකින්නෙමු' යැයි පැවසුවෝය. එතුමාණෝ: "ඇත්තෙන්ම නුඹලා එසේ දකින්නෙහු ද?" යැයි විමසූහ. ඔවුන් "එසේය" යැයි කීවෝය. එවිට එතුමා, "එය ඊමානයේ සුපැහැදිලිතාවයි." යැයි පැවසුහ
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් පිරිසක් පැමිණ එතුමාණන්ගෙන්: සැබැවින්ම අප අතරින් කෙනෙක් ඒ ගැන කතා කිරීමට බරපතල සේ සලකන කරුණු අපගේ සිත් තුළ අපි දකින්නෙමු' යැයි පැවසුවෝය. එතුමාණෝ: "ඇත්තෙන්ම නුඹලා එසේ දකින්නෙහු ද?" යැයි විමසූහ. ඔවුන් "එසේය" යැයි කීවෝය. එවිට එතුමා, "එය ඊමානයේ සුපැහැදිලිතාවයි." යැයි පැවසුහ.
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski हिन्दी Tiếng Việt Kurdî Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Oromoo Wolof Soomaali Tagalog Français Azərbaycan Українська bm தமிழ் Deutsch ქართული Português Македонски Magyar فارسی Русский 中文الشرح
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් පිරිසක් එතුමාණන් වෙත පැමිණ, එහි ඇති අප්රිය නිසාවෙන් හා ඔවුන් ඒ ගැන පිළිකුල් කරන නිසාවෙන් කතා කිරීමට බැරෑරුම් සේ සලකන සිත් තුළ දකින බරපතල (යම්)කරුණු පිළිබඳ විමසා සිටියෝය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සැබැවින්ම ඔබ දුටු දෑ ඊමාන් හෙවත් විශ්වාසයේ ස්ථාවරත්වයේ සුපැහැදිලිතාවයයි. හදවත තුළ ෂෙයිතාන් හෙළන දෑ වැළැක්වීමට එය ඔබට ඉවහල් වෙයි. ඒ පිළිබඳ කතා කිරීම ගැන ඔබ තුළ තිබෙන පිළිකුල්භාවය හා ඔබේ සිත තුළ වූ එහි බරපතලකම මෙය පෙන්වයි. මේ තත්ත්වය සැබැවින්ම ෂෙයිතාන් විසින් පාලනය කරනු ලබන හා ඔහු සමඟ අරගලයක නිරත නොවෙන අයගේ තත්ත්වය මෙන් නොවේ.فوائد الحديث
දේවත්වය විශ්වාස කරන්නන් සමග ෂෙයිතාන්ගේ දුර්වලතාවය පැහැදිලි කිරීම. (සිත් තුළ) කෙඳිරීම මිස වෙනත් හැකියාවක් ඔහුට නැත.
සිතට ඇතිවන කෙඳිරීම් සහතික කිරීමෙන් හා පිළිගැනීමෙන් වැළකී සිටිය යුතුය. සැබැවින්ම එය ෂෙයිතාන්ගෙන් වන්නකි.
ෂෙයිතාන්ගේ කෙඳිරීම, දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාට හානියක් ඇති නොකරයි. නමුත් ඔහුගේ කෙඳිරීමෙන්, අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතිය යුතුය. තවද ඔහු ඒ විෂයෙහි ඉතා සැලකිලිමත් විය යුතුයි.
තම ආගමික කටයුතු වලදී තමන්ට ඇතිවන ගැටළු සම්බන්ධයෙන් නිහඬ ව සිටීම මුස්ලිම්වරයකුට සුදුසු නොවේ. ඔහු ඒ ගැන විමසා දැනගත යුතු වේ.