إعدادات العرض
අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය…
අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල් කුර්ආන් වාසීීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලොවෙහි තාලයට ඔබ කියවමින් සිටි පරිදි තාලයට පාරායනය කරන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසාන ස්ථානයයි."
[හසන් ගණයට අයත් හදීසයකි]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Kurdî Wolof Moore Soomaali Français Oromoo Tagalog Українська Azərbaycan தமிழ் Deutsch bm ქართული Português Македонски Magyar Русский 中文 فارسیالشرح
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සැබැවින්ම අල් කුර්ආනය කියවන, එහි ඇති දෑ අනුව ක්‍රියා කරන, එය කියවමින් හා කටපාඩම් කරමින් පිළිපදින්නාට මෙසේ පවසනු ලැබේ: ඔබ අල් කුර්ආනය කියවන්න. එමගින් ස්වර්ගයේ තරාතිරම්හි උසස්භාවය ලබන්න. මෙලොවෙහි ඔබ රාගිකව හා තැන්පත්ව අල් කුර්ආනය තාලයට කියෙව්වාක් මෙන් තාලයට කියවන්න. සැබැවින්ම ඔබේ නවාතැන ඔබ කියවන පාඨයේ අවසානයයි.فوائد الحديث
ප්‍රතිඵල ක්‍රියාවන්හි ප්‍රමාණය හා ගුණාත්මකභාවය අනුව පිහිටයි.
අල් කුර්ආනය කියවීම, එය විධිමත් ව පිළිපැදීම, එය ආරක්ෂා කිරීම, එය පරිශීලනය කිරීම හා ඒ අනුව ක්‍රියා කිරීම සඳහා දිරි ගැන්වීම.
ස්වර්ගයෙහි නවාතැන් හා බොහෝ තරාතිරම් ඇත. මෙහි දී අල් කුර්ආන් වාසියා උසස්ම නිලයන් ලබනු ඇත.