إعدادات العرض
කවරෙකුට සලාතයක් අමතක වූයේ ද පසුව ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉටු කළ යුතුය. එයට එය හැර වෙනත් ප්‍රතිකර්මයක් නැත
කවරෙකුට සලාතයක් අමතක වූයේ ද පසුව ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉටු කළ යුතුය. එයට එය හැර වෙනත් ප්‍රතිකර්මයක් නැත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. කවරෙකුට සලාතයක් අමතක වූයේ ද පසුව ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉටු කළ යුතුය. එයට එය හැර වෙනත් ප්‍රතිකර්මයක් නැත. "මා සිහිපත් කරනු පිණිස සලාතය ඉටු කරනු" (තාහා: 14)
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe हिन्दी Tiếng Việt Hausa తెలుగు Kiswahili پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली മലയാളം Bosanski ಕನ್ನಡ Kurdî Română Shqip Soomaali Српски Wolof Українська Tagalog தமிழ் Moore Azərbaycan فارسی ქართული 中文 Magyar Português Deutsch Македонски Русский bm አማርኛ Malagasy Oromooالشرح
සලාතයේ වේලාව අතපසු වී යන තෙක්ම අනිවාර්යය සලාතය ඉටු කිරීමට අමතක වූ තැනැත්තා එය මතක් වූ වහාම එය ඉටු කිරීමට ඉක්මන් විය යුතු බවත් යුහුසුළු විය යුතු බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එය අත්හැරීමේ පාපයට, මතක් වූ වහාම එය ඉටු කිරීම හැර වෙනත් ප්‍රතිකර් මයක් හා පිළියමක් නැත. අල්ලාහ් ශුද්ධ වූ අල්කුර් ආනයේ මෙසේ පවසයි: "මා මතක් වූ විට ඔබ සලාත් ඉටු කරන්න." (තාහා: 14) එනම්: අමතක වූ සලාතය එය මතක් වූ විට ඉටු කරන්න යන්නයි.فوائد الحديث
සලාතයේ වැදගත්කම පැහැදිලි කිරීම හා එය ඉටු කිරීමේ දී මෙන්ම එය මතක් වූ වහාම ඉටු කිරීමේදී සැලකිලිමත්වීම ගැන පැහැදිලි කිරීම.
කිසිදු හේතුවකින් තොරව උවමනාවෙන්ම සලාතය එහි නියමිත වේලාවෙන් ප්‍රමාද කිරීම සුදුසු නොවන්නේය.
සලාතය අමතක වූ තැනැත්තා එය මතක් වූ විට ද, නිදාගත් තැනැත්තා අවදි වූ විට ද සලාතයේ වගකීම ඉටු කිරීමේ අනිවාර්යභාවය.
තහනම් කරන ලද වේලාවන්හි වුව ද වහාම එම සලාත් ඉටු කිරීමේ අනිවාර්යභාවය.