إعدادات العرض
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ක්‍රියාවන් අතරින් ජිහාද් කිරීම ශ්‍රේෂ්ඨතම ක්‍රියාව ලෙස අපි දකිමු. එහෙයින් අපි ජිහාද් කළ…
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ක්‍රියාවන් අතරින් ජිහාද් කිරීම ශ්‍රේෂ්ඨතම ක්‍රියාව ලෙස අපි දකිමු. එහෙයින් අපි ජිහාද් කළ යූතු නොවේ ද?" යැයි විමසුවාය. එතුමාණෝ: "එනමුත් ශ්‍රේෂ්ඨතම ජිහාද් වනුයේ පිළිගනු ලබන අයුරින් ඉටු කරනු ලබන හජ් වන්දනාවය" යැයි පැවසූහ
දේව විශ්වාසීන්ගේ මෑණියක් වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ක්‍රියාවන් අතරින් ජිහාද් කිරීම ශ්‍රේෂ්ඨතම ක්‍රියාව ලෙස අපි දකිමු. එහෙයින් අපි ජිහාද් කළ යූතු නොවේ ද?" යැයි විමසුවාය. එතුමාණෝ: "එනමුත් ශ්‍රේෂ්ඨතම ජිහාද් වනුයේ පිළිගනු ලබන අයුරින් ඉටු කරනු ලබන හජ් වන්දනාවය" යැයි පැවසූහ.
الترجمة
ar bn bs en es fa fr id ru tl tr ur zh hi vi ug ha ku ml sw pt prs sv as yo ky gu ne ro nl so ps te rw kn sr mos lt ka uk cs hu mk az wo mgالشرح
අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම හා සතුරන් සමග සටන් කිරීම උතුම් ක්‍රියාවන් අතරින් වේ යැයි නබිතුමාගේ අනුගාමිකයෝ (රළියල්ලාහු අන්හුම්) සිතූහ. එහෙයින් තමන් ජිහාද් කිරීම ගැන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා සිටියා ය. ඔවුන්ගේ වගකීම තුළ උතුම්ම ජිහාදය වනුයේ අල් කුර්ආනයට හා සුන්නාවට අනුගත වෙමින් පාපයෙන් හා ප්‍රදර්ශනය කිරීමෙන් තොරව පිළිගනු ලබන අයුරින් හජ් ඉටු කිරීම යැයි එතුමාණෝ ඔවුනට මඟ පෙන්වූහ.فوائد الحديث
ජිහාද් කිරීම යනු පිරිමින් සඳහා වන උතුම්ම ක්‍රියාව වේ.
කාන්තාවන් සඳහා උතුම් වනුයේ හජ් වන්දනාවය. එය ඔවුන් සඳහා වන උතුම්ම ක්‍රියාව ය.
කටයුතු කරන්නා අනුව ක්‍රියාවන්හි මහිමය හා තරාතිරම වෙනස් වනු ඇත.
හජ් වන්දනාවට 'ජිහාද් කිරීම' යනුවෙන් නම් කෙරී ඇත. ඊට හේතුව එහි ආත්මය සමග කරන ජිහාදයක් වන අතරම එහි මුදල් හා ශරීර ශක්තිය වැය කිරීමක් ඇත. එය අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කරන්නාක් මෙන් ශාරීරික වශයෙන් හා මූල්‍යමය වශයෙන් සිදු කරන නැමදුමකි.
التصنيفات
හජ් හා උම්රාවෙහි මහිමය