“නුඹලාගේ පේළි සමාන්තර ව සකසා ගන්න. සැබැවින්ම පේළි සමාන්තර ව සකසා ගැනීම සලාතයේ පූර්ණභාවයෙන් එකකි.”

“නුඹලාගේ පේළි සමාන්තර ව සකසා ගන්න. සැබැවින්ම පේළි සමාන්තර ව සකසා ගැනීම සලාතයේ පූර්ණභාවයෙන් එකකි.”

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- ප්රකාශ කළ බව අනස් ඉබ්නු මාලික-රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “නුඹලාගේ පේළි සමාන්තර ව සකසා ගන්න. සැබැවින්ම පේළි සමාන්තර ව සකසා ගැනීම සලාතයේ පූර්ණභාවයෙන් එකකි.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තම සමූහයාට යහපත හා ජය හිමිකර දෙන කරුණු වෙත මඟ පෙන්වූහ. මෙහිදී එතුමාණන් ඔවුනට අණ කර සිටියේ සියල්ලෝම එකහා සමානව කිබ්ලා දෙසට හැරී සිටින අයුරින් ඔවුන්ගේ පේළි සමාන්තරව සකසා ගන්නා මෙන් හා ඔවුන්ගේ සලාතයේ ෂෙයිතාන්ගේ ඇඟිලිගැසීමේ මාර්ගයන්ට ඉඩ නොදී පේළි අතර හිඩැස් තැබීමෙන් වළක්වා ගන්නා මෙන්ය. පේළි සමාන්තරව සකසා ගැනීමෙන් හිමිවෙන ඇතැම් ප්රයෝජන ගැන -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මඟ පෙන්වා ඇත්තාහ. එනම් සලාතයේ පූර්ණත්වයේ සළකුණ පේළි සමාන්තරව සකසා ගැනීම වේ. එසේ පේළි සමාන්තරව සකසා නොගැනීම සලාතය අසම්පූර්ණ බව පෙන්වා දෙයි.

التصنيفات

සලාතය මෙහෙය වන්නා හා ඔහු අනුගමනය කරන්නා පිළිබඳ නීති, මස්ජිද් පිළිබඳ නීතිරීති