إعدادات العرض
“කවරෙකු අල්ලාහ්ගෙන් සැබෑ ලෙස දිවි පිදීම පතන්නේ ද ඔහු ඔහුගේ නිදියහනේ මියැදුණ ද දිවි පිදූවන්ගේ නිලයන් අල්ලාහ්…
“කවරෙකු අල්ලාහ්ගෙන් සැබෑ ලෙස දිවි පිදීම පතන්නේ ද ඔහු ඔහුගේ නිදියහනේ මියැදුණ ද දිවි පිදූවන්ගේ නිලයන් අල්ලාහ් ඔහුට ලඟා තර දෙනු ඇත.”
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු හුනෙයිෆ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අල්ලාහ්ගෙන් සැබෑ ලෙස දිවි පිදීම පතන්නේ ද ඔහු ඔහුගේ නිදියහනේ මියැදුණ ද දිවි පිදූවන්ගේ නිලයන් අල්ලාහ් ඔහුට ලඟා තර දෙනු ඇත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Kiswahili Português አማርኛ অসমীয়া ગુજરાતી Tiếng Việt Nederlands پښتو नेपाली ไทย Svenska മലയാളം Кыргызча Română తెలుగు Malagasyالشرح
අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය කැප කොට දිවි පිදීමට යමෙකු පැතුවේ ද, එය අල්ලාහ් වෙනුවෙන්ම කරන බවට වූ ඔහුගේ චේතනාවෙහි ඔහු අවංක සත්‍යවාදියෙකු වී නම් ඔහුගේ එම සැබෑ චේතනාවට අනුව ඔහු ජිහාද් නොවන තත්වයක, නිදියහනේ මිය ගිය ද අල්ලාහ් ඔහුට දිවි පිදූවන්ගේ නිලය පිරිනමනු ඇත.فوائد الحديث
අවංක චේතනාවෙන් කළ හැකි දේ කිරීම, අවශ්‍ය කාර්යය ඉටු නොවූව ද අපේක්ෂිත ප්‍රතිඵල හා කුසල් සාක්ෂාත් කර ගැනීමට හේතුවක් වනු ඇත.
අල්ලාහ් වෙනුවෙන් ජිහාද් කිරීමට හා ඔහුගේ මාර්ගයේ දිවි පිදීමට උනන්දු කරවීම.
මෙම ප්‍රජාව වෙනුවෙන් වූ උත්තරීතර අල්ලාහ්ගේ උපහාරය. එනම්, සුළු ක්‍රියාවක් තුළින් ස්වර්ගයේ උසස් නිලයන් පිරිනමනු ලැබීමය.