අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිඹුහුම් හැරිය විට තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා, එහිදී එතුමාගේ…

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිඹුහුම් හැරිය විට තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා, එහිදී එතුමාගේ හඬ ද පහත් කර ගත් අයකු වූහ.

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිඹුහුම් හැරිය විට, තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා, එහිදී එතුමාගේ හඬ ද පහත් කර ගත් -මැඩපත් කර ගත්- අයකු වූහ.” පද භාවිතයෙහි වාර්තාකරු සැක පළ කර ඇත.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත.]

الشرح

කිඹුහුම් හා බැඳුණු විනයන් මෙම හදීසයේ වාර්තා කර ඇත. කිඹුහුම් යවන්නා අතිශයෝක්තියෙන් එය පිට නොකිරීමත් ඔහුගේ හඬ ඔහු උස් නොකිරීමත් සතුටුදායක වන්නේය. ඔහු හඬ පහත් කළ යුතු අතර ඔහුට හැකිවේ නම් ඔහුගේ මුහුණ ආවරණය කර ගත යුතුයි.

التصنيفات

කිවිසුම හා ඈනුම් ඇරීමේ ආචාරධර්ම, මුහම්මදානු සාරධර්ම