إعدادات العرض
අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක්
අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක්
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක් බවට පත් නොකරන්න. තම නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කරගත් පිරිසට අල්ලාහ් ශාප කළේය."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە ไทย دری Akan Azərbaycan Български Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy नेपाली or Română Kinyarwanda тоҷикӣ O‘zbek Moore Wolof Oromoo Soomaali bm Українська rn km Српски ქართული Македонскиالشرح
ගරුබුහුමන් කරමින් හා සිරස නමන්නට දිශාවක් බවට පත් කර ගනිමින් මිනිසුන් නමදින පිළිම මෙන් තමන්ගේ මිනීවල පත් නොකරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපතිගෙන් ප්‍රාර්ථනා කර සිටියහ. පසුව කවරෙකු නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කර ගත්තේ ද ඔවුන් ඔහුගේ කරුණාවෙන් දුරස් වන බවත් නෙරපා හරින බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. සැබැවින්ම ඒවා දේවස්ථාන බවට පත් කර ගනිමින් ඒවායෙහි නැමදුම් කිරීම හා ඒවා මත විශ්වාස කිරීම පහත් කටයුතු අතරින් වන බැවිනි.فوائد الحديث
නබිවරුන්ගේ හා දැහැමියන්ගේ මිනීවලවල් සම්බන්ධයෙන් ආගමික සීමාවන් ඉක්මවා ගොස්, අල්ලාහ් හැර දමා ඒවා නැමදුම් කිරීමට ගැනීම. බහුදේව වාදයට තුඩු දෙන හේතු සාධකවලින් වැළකී සිටීම අනිවාර්යය වේ.
මිනීවලවල් ගරුබුහුමන් කිරීම සඳහාත් ඒවා අබියස නැමදුම් කිරීම සඳහාත් ඒවා උත්තරීතර අල්ලාහ්ට වඩාත් සමීපතයින්ගේ වුව ද ඒවා අරඹයා වන්දනාවේ යෑම නුසුදුසු ක්‍රියාවකි.
මිනී වලවල් මත දේවස්ථාන ඉදි කිරීමේ තහනම.
මිනී වලවල් අසළ සලාත් ඉටු කිරීමේ තහනම. ජනාසා සලාතයට හැර වෙනත් සලාත් ඉටු කිරීම සඳහා නිර්මාණය කර නොමැති ස්ථානයක වුව ද එසේමය.