إعدادات العرض
'ඔබ කෙරෙහි මා බියවන වඩාත්ම භයානක කරුණ වනුයේ කුඩා ගණයේ ෂිර්ක්ය'. ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! කුඩා ගණයේ ෂිර්ක් යනු…
'ඔබ කෙරෙහි මා බියවන වඩාත්ම භයානක කරුණ වනුයේ කුඩා ගණයේ ෂිර්ක්ය'. ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! කුඩා ගණයේ ෂිර්ක් යනු කුමක් ද?' යැයි විමසුවෝය: එතුමාණෝ "මූණිච්චාව
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව මහ්මූද් ඉබ්නු ලබීද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: 'ඔබ කෙරෙහි මා බියවන වඩාත්ම භයානක කරුණ වනුයේ කුඩා ගණයේ ෂිර්ක්ය'. ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! කුඩා ගණයේ ෂිර්ක් යනු කුමක් ද?' යැයි විමසුවෝය: එතුමාණෝ "මූණිච්චාව. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් හට ඔවුන්ගේ ක්‍රියාවන් සඳහා ප්‍රතිඵල දෙනු ලබන විට අල්ලාහ් ඔවුනට: "මෙලොව ඔබ කවරෙකුට ප්‍රදර්ශනය කරමින් සිටියෙහි ද ඔවුන් වෙත යනු. ඔවුන් වෙතින් යම් කුලියක් ලබනු ඇත්දැයි බලනු." යැයි පවසයි.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá தமிழ் ไทย دری Кыргызча or Kinyarwanda नेपाली Română Malagasy Lietuvių Oromoo Nederlands Soomaali Српски Українська ಕನ್ನಡ Wolof Moore ქართული Azərbaycan Magyarالشرح
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමූහයා කෙරෙහි අධික ලෙස බියවන කරුණ ෂිර්කුල් අස්ගර් යනුවෙන් දන්වා සිටියේය. එනම්, ක්‍රියාවක් මිනිසුන් වෙනුවෙන් සිදුකරමින් එය ප්‍රදර්ශනය කිරීමය. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එසේ ප්රදර්ශනය කරන්නන් හට "නුඹලා කවර අය වෙනුවෙන් කටයුතු කරමින් සිටියේ ද ඔවුන් වෙත ගොස් නුඹලාට හිමි කුසල් ඔවුන් සතුව තිබේ දැයි ද එම ක්‍රියාව සඳහා නුඹලාට ඔවුන් ප්‍රතිඵල පිරිනමනු ඇත්දැයි ද බලනු" යැයි කුහකයින්ට හිමි දඬුවම ගැන දන්වා සිටියහ.فوائد الحديث
ක්‍රියාවන් අල්ලාහ් වෙනුවෙන් පමණක් අවංක ව ඉටු කළ යුතුය. ප්රද ර්නයයෙන් (මූණිච්ඡාවෙන්) ප්‍රවේසම් විය යුතුය.
තම සමූහයා කෙරෙහි වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දයානුකම්පාව. ඔවුන්ට මඟ පෙන්වීම සඳහා වූ එතුමාණන්ගේ උනන්දුව හා එතුමාණන් ඔවුනට උපදෙස් දීම.
සහාබාවරු ධාර්මික නායකයින් වුව ද, ඔවුන් ගැන එතුමාණන් මෙසේ බිය වී නම්, ඔවුන්ගෙන් පසු වූවන් හට එම බිය ඊටත් වඩා දරුණු වනු ඇත.