إعدادات العرض
නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා" යැයි එතුමාණෝ පැවසූහ. 'අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවුරුන්ද?"…
නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා" යැයි එතුමාණෝ පැවසූහ. 'අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවුරුන්ද?" යැයි විමසන ලදී. එතුමාණෝ: "යමෙක් තම දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම හෝ වයෝවෘද්ධ තත්ත්වයේ තමන් ළඟ ජීවතුන් අතර හිඳ පසුව ස්වර් ගයට නොපිවිසුණු තැනැත්තාය
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා, නින්දාවට ලක් වේවා" යැයි එතුමාණෝ පැවසූහ. 'අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු කවුරුන්ද?" යැයි විමසන ලදී. එතුමාණෝ: "යමෙක් තම දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම හෝ වයෝවෘද්ධ තත්ත්වයේ තමන් ළඟ ජීවතුන් අතර හිඳ පසුව ස්වර් ගයට නොපිවිසුණු තැනැත්තාය."
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Hausa Kurdî Kiswahili Português தமிழ் دری অসমীয়া አማርኛ Svenska ไทย Yorùbá Кыргызча ગુજરાતી नेपाली Română മലയാളം Nederlands Oromoo తెలుగు پښتو Soomaali Kinyarwanda Malagasy ಕನ್ನಡ Српски Moore ქართულიالشرح
පසෙහි තම නාසය තබන්නාක් සේ ඔහුට අවමානය හා අපහාසය ලැබේවා යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රාර්ථනා කළහ. -තුන් වරක් එසේ ප්‍රකාශ කර සිටියහ.- අල්ලාහ්ගේ දූතයාණනි! එසේ ඔහුට එරෙහිව ඔබ ප්‍රාර්ථනා කළ අය කවුරුන්දැ?යි විමසන ලදී. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: කවරෙකු තම දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ ඔවුන් දෙදෙනාම හෝ වයෝවෘද්ධ තත්ත්වයේ තමන් ළඟ ජීවතුන් අතර දැක එය ඔහු ස්වර්ගයට පිවිසීමට හේතුවක් බවට පත් කර නොගත් තැනැත්තාය. එය ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු නොකර ඔවුනට අකීකරු වීම හේතුවෙනි.فوائد الحديث
දෙමාපියන්ට ඇප උපස්ථාන කළ යුතු ය. සැබැවින්ම එය ස්වර්ගයට පිවිසීමට හේතුවකි. විශේෂයෙන්ම ඔවුන් දෙදෙනා වයෝවෘද්ධ හා දුර්වල තත්ත්වයේ සිටියදී එය තදින්ම බලපානු ඇත.
දෙමව්පියන්ට අකීකරු වීම මහා පාපකම් අතරින් එකකි.
التصنيفات
දෙමාපියන්ට ඇප උපස්ථාන කිරීමේ මහිමයන්