إعدادات العرض
ඔබට සැකය ඇති කරන දෑ ඔබට සැකය දුරු කරන දෑ වෙත අත්හැර දමන්න
ඔබට සැකය ඇති කරන දෑ ඔබට සැකය දුරු කරන දෑ වෙත අත්හැර දමන්න
අල්ලාහ්ගේ දූතයාණන්ගේ මුනුපුරා වන, අබූ මුහම්මද් අල්-හසන් ඉබ්නු අලී ඉබ්නු අබී තාලිබ් විසින් වාර්තා කරණ ලදී. "මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ පාඩම් ලැබුවෙමි." "ඔබට සැකය ඇති කරන දෑ ඔබට සැකය දුරු කරන දෑ වෙත අත්හැර දමන්න."
[صحيح] [رواه الترمذي والنسائي]
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia বাংলা Français Türkçe Русский Bosanski हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் ไทย Deutsch پښتو অসমীয়া Shqip Nederlands ગુજરાતી Кыргызча नेपाली Lietuvių دری Српски тоҷикӣ Kinyarwanda Română Magyar Čeština Moore Malagasy Oromoo ಕನ್ನಡ Wolof Azərbaycan O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayu မြန်မာالشرح
යමක් තහනම් කරනු ලැබූවක් ද එසේ නොවන්නක් ද? එය හරාම් ද අනුමත ද යනාදී සැකයට තුඩු දෙන වචන හා ක්‍රියාවන් අත්හැර දමන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එනම් එය යහපත ය අනුමත ය යන ස්ථාවරත්වය ගොඩ නැගී සැකය දුරු වන තෙක්ම විය යුතුය.فوائد الحديث
මුස්ලිම්වරයකු තම සියලු කරුණු නිශ්චිතභාවය මත ගොඩනගා ගත යුතු අතර, එහි සැකයට තුඩු දෙන දෑ අත්හැර දැමිය යුතුය. එමෙන්ම ඔහුගේ දහම විෂයයෙහි ඔහු පැහැදිලි සාධක මත සිටිය යුතු ය.
සැක සහිත කරුණුවල වැටීමෙන් වැළකී සිටිය යුතුය.
ඔබ සැනසුම හා සහනය පතන්නේ නම් ඔබ තුළ ඇති වන සැක සහිත දෑ අත්හැර දමන්න. එය අහකට ඉවත් කරන්න.
අල්ලාහ් තම ගැත්තන් හට දක්වන ඔහුගේ ආශිර්වාදය: එය කාංසාව සහ ව්‍යාකූලත්වය ඇති කරන දැයින් ඔවුන් වළක්වා, මනස හා ආත්මය සනසාලන දෑ ඔහු ඔවුනට නියෝග කිරීමෙනි.
