“මිනිසා තම කල්‍යාණ මිතුරාගේ දහම මත සිටියි. එබැවින් ඔබ අතරින් කිසිවකු හෝ වේවා තම කල්‍යාණ මිතුරන් වන්නේ…

“මිනිසා තම කල්‍යාණ මිතුරාගේ දහම මත සිටියි. එබැවින් ඔබ අතරින් කිසිවකු හෝ වේවා තම කල්‍යාණ මිතුරන් වන්නේ කවුරුන්දැයි මැනවින් බලත්වා!”

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “මිනිසා තම කල්‍යාණ මිතුරාගේ දහම මත සිටියි. එබැවින් ඔබ අතරින් කිසිවකු හෝ වේවා තම කල්‍යාණ මිතුරන් වන්නේ කවුරුන්දැයි මැනවින් බලත්වා!”

[හසන් ගණයට අයත් හදීසයකි] [رواه أبو داود والترمذي وأحمد]

الشرح

පුද්ගලයෙකු තම හැසිරීම් සහ පුරුදු තුළ ඔහුගේ කළ්‍යාන මිතුරා සහ සහකරුට සමාන බවත්, මිත්‍රත්වය සදාචාරයට, හැසිරීමට සහ ක්‍රියාවන්ට බලපාන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. මේ හේතුව නිසා හොඳ මිතුරෙකු තෝරා ගැනීමට එතුමාණෝ මඟ පෙන්වූහ. මක්නිසාද යත් ඔහු තම මිතුරාට විශ්වාසය, යහමඟ සහ යහපත වෙත මඟ පෙන්වන අතර ඔහු තම මිතුරාට උදව් කරුවකු වන බැවිනි.

فوائد الحديث

යහපත් මිනිසුන් ඇසුරු කිරීමේ හා එවැන්නන් තෝරා ගැනීමේ නියෝගය සහ අසත් පුරුෂයින් ඇසුරු කිරීමේ තහනම.

"කරීබ්" (සමීපතයා) යනුවෙන් සඳහන් නො කර (අස්-සිද්දීක්) මිතුරා යනුවෙන් නම් කර ඇත්තේ මිතුරා යනු ඔබ තෝරා ගන්නා අයකු වන බැවිනි. සහෝදරයා, සමීප ඥාතියා යනු ඔබට එහි දී ‌තේරීමට කිසිදු අවශ්‍යතාවක් නැත.

ඇසුරුකම ඇති කරගත යුත්තේ කල්පනාකාරීව ය.

පුද්ගලයකුගේ දහම ශක්තිමත් වනුයේ ඔහු දේවත්වය විශ්වාස කරන්නන් ඇසුරු කිරීම තුළිනි. අසත්පුරුෂයින් ඇසුරු කිරීම තුළින් ඔහු එහි දුර්වල වී යනු ඇත.

التصنيفات

හිතවත්කම් පෑම හා වෙන් වීම පිළිබඳ නීතිය