إعدادات العرض
“කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. ඒ දෙකෙහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම්, ඒ දෙක…
“කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. ඒ දෙකෙහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම්, ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. ඒ දෙකෙහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම්, ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත. සැබැවින්ම මම සලාතය සඳහා නියෝග කොට, ඒ සඳහා ඉකාමත් කියනු ලැබ, පසුව ජනයාට සලාතය මෙහෙයවනු පිණිස මිනිසෙකුට නියෝග කොට, පසුව දර මිටි දරාගත් මිනිසුන් මා සමග සලාතයට සහභාගී නොවූ පිරිස වෙත ගමන් කර, ඔවුන්ගේ නිවෙස් ඔවුන් සමග ගින්නෙන් පුළුස්සා ලීමට සිතමි.”
الترجمة
العربية Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी বাংলা ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली or ಕನ್ನಡ Română Soomaali Српски Wolof Українська Moore Tagalog Azərbaycan ქართული Magyar Македонски bm አማርኛ Malagasy Oromooالشرح
කුහකයින් ගැන හා ඔවුන් සලාතයට සහභාගී වීමේ දී විශේෂයෙන් ඉෂා හා ෆජ්ර් සලාත් දෙකට සහභාගී වීමේ දී ඔවුන් දක්වන මැලිකම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. සැබැවින්ම මුස්ලිම්වරු සාමුහිකව ඒ දෙක ඉටු කිරීම සඳහා සහභාගී වීමේ ප්‍රතිඵල සහ කුසල් ගැන ඔවුන් දැනුම්වත් වන්නේ නම්, දරුවකු අත් දෙකෙන් හා දණින් දණ ගසා පැමිණෙන පරිදි ඔවුන් ද දණ ගසා හෝ ඒ දෙක වෙත පැමිණෙනු ඇත. - සලාතය සඳහා නියෝග කරනු ලැබ ඒ සඳහා ඉකාමත් ද කියනු ලැබ තම ස්ථානයේ හිඳ ජනතාවට සලාතය මෙහයවන මිනිසෙකු නියම කර පසුව එතුමාණන් පිරිවරා දරමිටි ඔසවා ගත් පිරිසක් සමග පිටත්ව ගොස් සාමුහික සලාතයට සහභාගී නොවූ මිනිසුන්ගේ නිවෙස් ගින්නෙන් පුළුස්සා දැමීමට එතුමාණෝ තරයේ සිතා ගත්හ. හේතුව එහි ඇති වරදේ බරපතලකම නිසාවෙනි. -නමුත් එතුමාණෝ එසේ සිදු නොකළහ.- හේතුව එහි කාන්තාවන් හා අසරණ දරුවන් හා නිදහසට කරුණු ඇති වෙනත් අයද එහි වෙසෙන බැවිනි. ඔවුනට එහි පාපය නැත.فوائد الحديث
මස්ජිදයේ සාමුහික සලාතයට සහාභාගී නොවී, ඉන් මග හැරීමේ ඇති බරපතලකම.
කුහකයින් මුහුණිච්චාව හා ප්‍රදර්ශණය කිරීම හැර වෙනත් කිසිවක් ඔවුන්ගේ නැමදුම් තුළින් ඔවුහු අපේක්ෂා නොකරති. මිනිසුන්ට පෙණෙන අවස්ථාවේ මිස ඔවුහු සලාතය සඳහා සහභාගී නොවෙති.
ඉෂා සලාතය හා ෆජ්ර් සලාතය සාමුහිකව ඉටු කිරීමේ ඉමහත් මහිමය. දණ ගසමින් හෝ ඒ වෙත පැමිණීම ඉතා වැදගත් වේ.
ඉෂා සලාතය හා ෆජ්ර් සලාත සුරක්ෂිතව ඉටු කරමින් පැමිණීම, කුහක කමින් මිදීමකි. ඒ සඳහා පසුබෑම කුහකයින්ගේ ගුණාංග අතරින් වේ.