إعدادات العرض
1- කුහකයින්හට වඩාත් අසීරු සලාතය වනුයේ ඉෂා සලාතය හා ෆජ්ර් සලාතයයි. එහි ඇති මහිමය ඔවුහු දැන ගන්නෙහු නම් ඒ දෙක වෙත දණගසමින් හෝ පැමිණෙනු ඇත. සැබැවින්ම මම සලාතය සඳහා නියෝග කොට; ඒ සඳහා ඉකාමත් කියනු ලැබ; පසුව මිනිසෙකුට නියෝග කොට ඔහු ජනයාට සලාතය මෙහෙයවා; පසුව දර මිටි දරාගත් මිනිසුන් මා සමග සලාතයට සහභාගී නොවූ පිරිසක් වෙත ගමන් කර; ඔවුන්ගේ නිවෙස් ඔවුන් සමග ගින්නෙන් පුළුස්සා ලීමට සිතමි.
2- අපගේ පරමාධිපතියාණන් තම කෙණ්ඩය නිරාවරණය කරයි. එවිට දේවත්වය (ඊමාන්) විශ්වාස කළ සෑම මුඃමින්වරයෙක්ම හා මුඃමින්වරියක්ම ඔහුට සුජූද් කරනු ඇත. මුහුණිච්චාවට හා කීර්තියට මෙලොවෙහි සුජූද් කරමින් සිටි සෑම කෙනෙකුම රැඳී සිට, සුජූද් කිරීම සඳහා බැහැර වී යයි. නමුත් ඔහුගේ පිට කොන් ද එකම තැටියක් බවට හැරෙනු ඇත.
3- කුහකයාට උපමාව බැටළු රැළ දෙකක් අතර කලබලයෙන් සිටිනා බැටළුවෙකු මෙන් ය. විටෙක ඌ එක් රැළකට පැටලෙයි. තවත් විටෙක අනෙක් රැළට පැටලෙයි
4- අපි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සමග ගමනක පිටත්ව ගියෙමු. එහි දී ජනයාට දැඩි පීඩාවක් ඇති විය.
5- මේ මේ පුද්ගලයින් දෙදෙනා අපගේ දහම පිළිබඳ කිසිවක් දන්නේ යැයි මම නොසිතමි.