إعدادات العرض
“අහෝ මිනිසුනි! ආගම විෂයෙහි අතිශයෝක්තිභාවයෙන් (අන්තවාදයෙන්) පරිස්සම් වන්න. සැබැවින්ම ඔබට පෙර සිටියවුන් විනාශ කර…
“අහෝ මිනිසුනි! ආගම විෂයෙහි අතිශයෝක්තිභාවයෙන් (අන්තවාදයෙන්) පරිස්සම් වන්න. සැබැවින්ම ඔබට පෙර සිටියවුන් විනාශ කර දැමුවේ ආගම විෂයෙහි අතිශයෝක්තියයි
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අකබා උදෑසන තම ඔටුවා මත හිඳ මෙසේ පැවසූහ. "මට ගල් කැට අහුලා දෙන්න." එවිට මම එතුමාණන් වෙනුවෙන් ගල් කැට හතක් අහුලා දුනිමි. ඒවා බොරළු කැට විය. පසුව ඔහු ඒවා තම අත්ලෙහි සොලවා මෙසේ කීවේය: “මේවා මෙන් ඔබ විසි කරන්න.” ඉන්පසු එතුමාණෝ මෙසේ පැවසීය.“අහෝ මිනිසුනි! ආගම විෂයෙහි අතිශයෝක්තිභාවයෙන් (අන්තවාදයෙන්) පරිස්සම් වන්න. සැබැවින්ම ඔබට පෙර සිටියවුන් විනාශ කර දැමුවේ ආගම විෂයෙහි අතිශයෝක්තියයි."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Kiswahili Português Svenska ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Tiếng Việt Hausa پښتو অসমীয়া دری Кыргызча or नेपाली Malagasy മലയാളം Čeština Oromoo Română Kinyarwanda Nederlands Soomaali తెలుగు ไทย Lietuvių Српски Українська Shqip ಕನ್ನಡ Wolof Moore ქართული Magyarالشرح
හජ්ජතුල් වදා නම් අවසන් හජ් සමයේ අවුරුදු දින අකබාවට ගල් වීසීකරන උදෑසන තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග සිටි බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි. එවිට විසිකරන ගල්කැට එතුමාණන් වෙනුවෙන් අහුලා දෙන මෙන් එතුමාණෝ ඔහුට නියෝග කළහ. එතුමාණන් වෙනුවෙන් හෙතෙම ගල්කැට හතක් අහුලා දුන්නේය. ඉන් එකක් කඩල ඇටයක හෝ ධාන්‍ය ඇටයක ප්‍රමාණයෙන් යුක්ත වූ අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එය අතේ තබා ගෙන මෙසේ පැවසූහ. මෙම ප්‍රමාණයෙන් සමාන වූ දෑ විසි කරන්න. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අන්තවාදයට, අතිශයෝක්තිභාවයට සහ ආගමික කාරණාවලදී සීමාව ඉක්මවීමට එරෙහිව අනතුරු ඇඟවූහ. සැබැවින්ම පෙර සමූහයන් විනාශයට පත් වූයේ ආගමේ සීමාව ඉක්මවා යෑම, අතිශයෝක්තිභාවය හා අන්තවාදය බව පෙන්වා දුන්හ.فوائد الحديث
ආගමෙහි සීමාව ඉක්මවා කටයුතු කිරීමෙන් වැළැක්වීම, එහි අවසාන නපුර බවත් සැබැවින්ම එය විනාශයට හේතුවක් බවත් පැහැදිලි කිරීම.
අපට පෙර සිටි සමූහයන්ගෙන් පාඩම් ඉගැනීම. එය ඔවුන් කළ වැරදි වළක්වා ගැනීමට ඉවහල් වේ.
සුන්නාව (නබි සම්ප්‍රදාය) පිළිපැදීමට දිරිගැන්වීම.
التصنيفات
අඥාන යුගයේ ගැටළු