සැබැවින්ම ජනයා අපරාධකරුවකු දුටු විට, ඔහුගේ අතින් අල්ලා නොගත්තේ නම් ඔහු හේතුවෙන් අල්ලාහ් ඔවුන් (සියල්ලට) දඬුවම…

සැබැවින්ම ජනයා අපරාධකරුවකු දුටු විට, ඔහුගේ අතින් අල්ලා නොගත්තේ නම් ඔහු හේතුවෙන් අල්ලාහ් ඔවුන් (සියල්ලට) දඬුවම පොදු කරන්නට පුළුවන.

අබූ බක්ර් අස්-සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම නුඹලා: “අහෝ ! විශ්වාසකළවුනි, නුඹලාව ආරක්ෂා කර ගැනීම නුඹලා සතු ය. නුඹලා යහමඟ ගමන් ගත්තෙහු නම් නොමඟ ගියවුන් නුඹලාට හානි සිදු නොකරනු ඇත...” යන (අල් මාඉදා 105 වැනි) මෙම පාඨය කියවන්නෙහුය. සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්රකාශයකට සවන් දී ඇත්තෙමි. එනම්: “සැබැවින්ම ජනයා අපරාධකරුවකු දුටු විට, ඔහුගේ අතින් අල්ලා නොගත්තේ නම් ඔහු හේතුවෙන් අල්ලාහ් ඔවුන් (සියල්ලට) දඬුවම පොදු කරන්නට පුළුවන.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත.]

الشرح

අබූ බක්ර් අස්-සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්රකාශ කළේය. අහෝ ජනයිනි, සැබැවින්ම නුඹලා: “අහෝ! විශ්වාසකළවුනි, නුඹලාව ආරක්ෂා කර ගැනීම නුඹලා සතු ය. නුඹලා යහමඟ ගමන් ගත්තෙහු නම් නොමඟ ගියවුන් නුඹලාට හානි සිදු නොකරනු ඇත.” යන (අල් මාඉදා 105 වැනි) පාඨය කියවන්නෙහුය. සැබැවින්ම මිනිසා යහමඟ ලැබූ විට මිනිසුන්ගේ නොමග යෑම ඔහුට හානියක් නොකරන බව නුඹලා එමගින් වටහා ගන්නෙහුය. ඊට හේතු ඔහු ඍජු මාර්ගයට යොමු වී ඇති බැවිණි. ඔහු ඍජු මාර්ගයට යොමු වූ විට ඔහු හැර අනෙක් අයගේ කටයුතු අල්ලාහ් මත වන්නේය. මෙම අර්ථය ව්යර්තයකි. අප යහමග යාමෙන් නොමඟ ගියවන් අපට හිංසා නොකරනු ඇතැයි අල්ලාහ් කොන්දේසි පනවා තිබෙන අතර ඔහු මෙසේ පවසයි: “නුඹලා යහමඟ ගමන් ගත්තෙහු නම් නොමඟ ගියවුන් නුඹලාට හානි සිදු නොකරනු ඇත.” යහපත විධානය කිරීමත් අයහපතින් වැළැක්වීමත් යහමඟ ලැබීමේ කටයුතු අතරින් වන්නේය. එය යහමග ලැබීමේ කටයුත්තක් වී නම් හානියෙන් අප අරාක්ෂා වන පරිදි යහපත විධානය කොට අයහපත වැළැක්විය යුතුය. එබැවින් රළියල්ලාහු අන්හු මෙසේ පැවසීය. සැබැවින්ම මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්රකාශයකට සවන් දුන්නෙමි. “සැබැවින්ම මිනිසුන් පිළිකුල් සහගත දෙයක් දැක එය නොවැළැක්වූයේ නම් හෝ අපරාධකරුව අතින් අල්ලා නොගත්තේ නම් අල්ලාහ් අබියසින් වන දඬුවම ඔවුන් සියලු දෙනාට පොදු වනු ඇත. එනම්, සැබැවින්ම ඔවුන් වනාහි, නොමග ගිය අයකු දැක ඔහුට ඔවුන් යහපත නියෝග කොට අයහපතින් නොවැළැක්වූ විට, එසේ මුළාවූවන් ඔවුනට හිංසා පමුණුවනු ඇත. ඒ අනුව සිදු කරන්නා හා අනවධානීව සිටින්නා එනම් පිළිකුල සිදු කරන්නා හා පිළිකුල් සහගත දැයින් නොවළක්වන අනවධානියා යන සියලු දොනාටම දඬුවම පොදු වනු ඇත.

التصنيفات

යහපත අණ කර අයහපත වළක්වාලීමේ නීතිය