ඔබට සැක ඇති කරන දෑ ඔබට සැක ඇති නොකරන තෙක් අතහැර දමනු.

ඔබට සැක ඇති කරන දෑ ඔබට සැක ඇති නොකරන තෙක් අතහැර දමනු.

හසන් ඉබ්නු අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. හෙතෙම මෙසේ පවසා සිටියේය: “ඔබට සැක ඇති කරන දෑ ඔබට සැක ඇති නොකරන තෙක් අතහැර දමනු” යන ප්රකාශය මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ධාරණය කර ගත්තෙමි.

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇත]

الشرح

දේවත්වය විශ්වාස කරන්නා, තමන් නොදැනුවත්ව සිටින තත්ත්වයේ තහනම් කරුණෙහි වැටීමට ඇති බියෙන් යමක් නිරාකරණය කිරීමේදී ඔහුට සැකයක් ඇති වන දෑ අතහැර දැමිය යුතුය. එමෙන්ම කවර කරුණක ඔහුට සැකය ඇති වන්නේ ද සිත සැනසුමට හා සෑහීමට පත්වන පරිදි පිවිතුරු අනුමත දෑ අපේක්ෂා කරමින් තහනම් දෑ හා සැක ඇති දෑ මෙන්ම සිත කුතුහලයට ලක් කරන දැයින් දුරස් වන පරිදි එය නිරාකරණය කිරීමට අවශ්ය වන සැකයක් නැති තිරසාර කරුණක් වෙත යොමු විය යුතු වේ.

التصنيفات

එකිනෙකට නොගැළපීම හා බහුතර යෝග්ය මතය