ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසි විට, තමන් වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කළ යුතු වේ

ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසි විට, තමන් වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කළ යුතු වේ

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ කතාදා අස්-සලමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසි විට, තමන් වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කළ යුතු වේ."

[صحيح] [متفق عليه]

الشرح

කවර වේලාවක හෝ කවර කරුණක් සඳහා හෝ යමෙකු මස්ජිදයට පැමිණියේ නම්, ඔහු වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරිමත් කළහ. එය පඬුරු වශයෙන් මස්ජිදය සඳහා කෙරෙන රකආත් දෙකයි.

فوائد الحديث

වාඩි වීමට පෙර තහිය්යතුල් මස්ජිද් රකආත් දෙක ඉටු කිරීම සතුටුදායක කරුණකි.

මෙම නියෝගය වාඩි වීමට අපේක්ෂා කරන්නාටය. නමුත් කවරෙකු මස්ජිදයට පිවිස වාඩි වීමට පෙර පිටත්ව ගියේ ද ඔහුට මෙම නියෝගය අදාල වන්නේ නැත.

මිනිසුන් සලාත් ඉටු කරමින් සිටියදී මස්ජිදයට පිවිසෙන්නා, එම රකආත් දෙක අත්හැර ඔවුන් සමග, ඔහු සමූහ සලාතයට එක් විය යුතුය.

التصنيفات

ස්වෙච්ඡා අතිරේක සලාතය, මස්ජිද් පිළිබඳ නීතිරීති