إعدادات العرض
ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසි විට, තමන් වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කළ යුතු වේ
ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසි විට, තමන් වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කළ යුතු වේ
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ කතාදා අස්-සලමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසි විට, තමන් වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කළ යුතු වේ."
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা हिन्दी Tiếng Việt Hausa Kiswahili پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda Українська नेपाली മലയാളം తెలుగు Bosanski ಕನ್ನಡ Kurdî Română Soomaali Shqip Српски Wolof Tagalog Moore தமிழ் Azərbaycan فارسی ქართული 中文 Magyar Português Deutsch Русский Македонски አማርኛ Bambara Malagasy Oromoo ភាសាខ្មែរ ไทย मराठी ਪੰਜਾਬੀ Türkçe Italiano O‘zbekالشرح
කවර වේලාවක හෝ කවර කරුණක් සඳහා හෝ යමෙකු මස්ජිදයට පැමිණියේ නම්, ඔහු වාඩි වීමට පෙර රකආත් දෙකක් ඉටු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරිමත් කළහ. එය පඬුරු වශයෙන් මස්ජිදය සඳහා කෙරෙන රකආත් දෙකයි.فوائد الحديث
වාඩි වීමට පෙර තහිය්යතුල් මස්ජිද් රකආත් දෙක ඉටු කිරීම සතුටුදායක කරුණකි.
මෙම නියෝගය වාඩි වීමට අපේක්ෂා කරන්නාටය. නමුත් කවරෙකු මස්ජිදයට පිවිස වාඩි වීමට පෙර පිටත්ව ගියේ ද ඔහුට මෙම නියෝගය අදාල වන්නේ නැත.
මිනිසුන් සලාත් ඉටු කරමින් සිටියදී මස්ජිදයට පිවිසෙන්නා, එම රකආත් දෙක අත්හැර ඔවුන් සමග, ඔහු සමූහ සලාතයට එක් විය යුතුය.