إعدادات العرض
“කවරෙකු අපට එරෙහි ව අවි එසෙව්වේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය
“කවරෙකු අපට එරෙහි ව අවි එසෙව්වේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අපට එරෙහි ව අවි එසෙව්වේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය."
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी Tagalog ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands தமிழ் دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली ಕನ್ನಡ Oromoo Română Soomaali Српски Українська Wolof Moore Azərbaycan ქართული Magyar አማርኛ bm Македонски Akan Malagasyالشرح
මුස්ලිම්වරුන් බිය වැද්දීමට හෝ ඔවුන් කොල්ලකන්නට හෝ ඔවුනට එරෙහිව අවි ආයුධ එසවීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. කිසිදු යුක්තියකින් තොරව කවරෙකු එසේ සිදු කළේ ද සැබැවින්ම ඔහු මහා පාපයන් අතරින් බරපතල වරදක් සිදු කළේය. මෙම දැඩි අවවාදයට ඔහු නියම වන්නේය.فوائد الحديث
මුස්ලිම්වරයකු තම සහෝදර මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් කෙරෙන දැඩි අවවාදය.
මහපොළොවේ සිදු කෙරෙන බරපතලම දුෂ්ට ක්‍රියාව හා වඩාත් පිළිකුල් සහගත කරුණ වනුයේ මුස්ලිම්වරුන්ට එරෙහිව අවි ආයුධ ගැනීම හා ඔවුන් ඝාතනය කරමින් දූෂ්ටකම පැතිරීමය.
ඉහත සඳහන් කරන ලද අවවාදය, අපරාධකරුවන් හා දූෂිතයන්ට එරෙහිව සටන් කිරීම වැනි යුක්ති සහගතව හා සාධාරණ ලෙස සටන් කරන අයට අදාල වන්නේ නැත.
විහිළුවට හෝ වේවා අවි ආයුධ පෙන්වා හෝ වෙනත් අයුරකින් මුස්ලිම්වරුන් බිය වැද්දීමේ තහනම.