إعدادات العرض
ඔබ අදාන් ඇරයුමට සවන් දුන් විටෙක, මුඅද්දීන් (ඇරයුම කරන්නා) පවසන අයුරින්ම පවසන්න
ඔබ අදාන් ඇරයුමට සවන් දුන් විටෙක, මුඅද්දීන් (ඇරයුම කරන්නා) පවසන අයුරින්ම පවසන්න
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ අදාන් ඇරයුමට සවන් දුන් විටෙක, මුඅද්දීන් (ඇරයුම කරන්නා) පවසන අයුරින්ම පවසන්න."
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt ئۇيغۇرچە Hausa Português Kurdî മലയാളം Kiswahili Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ไทย پښتو অসমীয়া دری Кыргызча or Kinyarwanda नेपाली Română Lietuvių Malagasy తెలుగు ಕನ್ನಡ Oromoo Nederlands Soomaali Deutsch Shqip Српски Українська Moore Wolof ქართული Azərbaycan Magyar தமிழ் Македонскиالشرح
මුඅද්දින්ගේ ඇරයුමට සවන් දුන් විටෙක, එයට පිළිතුරු දීම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිරිමත් කළහ. එය වාක්‍යයෙන් වාක්‍යය ඔහු පවසන පරිදිම පැවසීමෙනි. ඒ අනුව ඔහු 'අල්ලාහු අක්බර්' යැයි තක්බීර් පවසන විට, ඔහුගෙන් පසුව අප ද තක්බීර් පැවසීම, සාක්ෂියේ ප්‍රකාශ දෙක පවසන විට, ඔහුගෙන් පසුව අප ද ඒ දෙක පවසා සිටිය යුතුයි. නමුත් "හය්ය අලස් සලාහ්, හය්ය අලල් ෆලාහ්" යන ප්‍රකාශයට දෙනු ලබන පිළිතුර වෙනස්ය. ඒ දෙකින් පසුව 'ලා හවුල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්' යනුවෙන් පවසනු ලැබේ.فوائد الحديث
හදීසයේ පොදු අදහස අනුව, මුඅද්දින්වරු කිහිප දෙනෙකුගේ ඇරයුම ඇසුණ ද පළමු මුඅද්දින්වරයා අවසන් කළ පසු දෙවන මුඅද්දින් වරයා ද අනුගමනය කරමින් පිළිතුරු දිය යුතුය.
වැසිකිලි අවශ්‍යතා හෝ වෙනත් අවශ්‍යතාවක නියැලී සිටියේ නම් මිස ඔහු වෙනත් කවර තත්ත්වයක සිටිය ද ඒ සෑම අවස්ථාවකදීම මඅද්දින්ට පිළිතුරු දිය යුතුය.
التصنيفات
අදානය සහ ඉකාමතය